Monday, July 11, 2011

කහවත්තේ භූතයා 22 හැවිරිදි තරුණයෙක්

පසුගිය දිනවල කහවත්ත ප්‍රදේශය භීතියෙන් මුසපත් වූයේ වයෝවෘද්ධ කාන්තාවන් දූෂණය කර මරා දමන අසාමාන්‍ය පුද්ගලයෙකු නිසයි.
2008 සිට 2010 දක්වා වාර්තා වූ පළමු මරණ 4 ට වගකිවයුතු ධනපාල නම් තැනැත්තා අල්ලාගත් බවත් පසුව වාර්තා විය.
නමුත් කහවත්තේ මෑත කාලීන භීෂණය වෙනමම කතාවක් බව හෙළි වූයේ පසුගිය සතියේ ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමේදී මේ මිනීමැරුම් වලින් 2 කට වගකිව යුතු 22 හැවිරිදි පැනගිය හමුදා තරුණයා අල්ලාගත් පසුය. ඔහු වැඩිමහල් කාන්තාවන්ට මරණීය පහරදීම් සිදු කර පසුව දූෂණය කිරීමේ අසාමාන්‍ය මානසික තත්වයෙන් පසුවූවකු වනබවත් කුඩා කල තිබුණ පවුල් පීඩනය හෝ හමුදා මෙහෙයුමකදී හිසට සිදුවුණ තුවාලයක් නිසා මෙම අසාමාන්‍ය ලක්ෂණ ඇතිව තිඛෙන බවත් වාර්තා විය.
මැරුණ කාන්තාවන් 7 දෙනාගේ මිනීමැරුම් වලින් 4 ක් හා 2ක් සිදු කළ අය හමු වුවත් අවසන් එක කළේ කවුදැයි සොයාගැනීම මුලදී දුෂ්කර විය.නමුත් පසුව වාර්තාවූයේ
මෙම අපරාධ රැල්ලට වගකිවයුත්තන් අල්ලන්නට ප්‍රමාද වෙද්දී ඒ අනුව සිදුවූවක් යයි ඒත්තු යන පරිදි ඉඩම් ආරවුලක් කරණකොටගෙන පුතකු තම මව මරා ඇති බවය.ඒ අනුව කොමාන්ඩෝ සෙබළෙකු වූ එම පුත්‍රයාවද පොලිසිය අල්ලා ගත්තේ පසුගිය සතියේය.

මෙම මිනිමැරුම් සිදුවූ ආකාරය ගැන සම්පූර්ණ විස්තරය මෙවර රිවිර පුවත්පතේ පළවී තිබුනේ පහත ආකාරයටය