Tuesday, July 12, 2011

මුතුහෙට්ටිගම ගේ බස් ඩ්‍රයිවින්


ගාල්ල නව බස් නැවතුම්පළ විවෘත කිරීමේ උත්සවය ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.

එහිදී පෙරහුරුවක් ලෙස නව බස් රථයක නැගී බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ඇතුළු පිරිස ගමන් කළ අතර එහිදී එම බස් රථය පදවාගෙන යන ලද්දේ මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයාය. මෙම අවස්ථාවේ ඉතා හුරුපුරුදු ලෙස බසය පැදවූ ඔහු නළා ශබ්ද කරමින් වේගයෙන් බසය ධාවනය කරවුයේය.

මුතුහෙට්ටිගම මන්ත්‍රිවරයා ගාල්ල ප්‍රදේශයේ බස් රථ ගණනාවක් ධාවනයේ යෙදවූ ව්‍යාපාරයක්ද පවත්වා යන්නෙකි.

මෙම අවස්ථාවේ සිරස විඩියෝව පහතින් නරඹන්න