Thursday, July 14, 2011

මිලා - සරා තවත් ටෙලි නිළියෝ දෙදෙනෙක් මාට්ටු

මිරිහාන පොලිස් වැටලීම් ඒකකය මගින් පසුගිය සතියේ ගණිකා වෘත්තියේ නිරතවූ ටෙලි නිළියක් අල්ලා උණුසුම මැකෙන්නටත් මත්තෙන් තවත් ටෙලි නිළියන් දෙදෙනෙකුත් මේ චෝදනාව යටතේම අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
මේ කාලයේ ජනප්‍රිය මෙගා ටෙලි නාට්‍ය වන මිලා සරා ආදියේ චරිත නිරූපණය කර ඇති මේ නිළියන් ස්ථාන දෙකකදී අත්අඩංගුවට පත්ව තිඛෙනවා.
 වසුදා, වීදුරු මල්, සයුරු තෙර, නිම් තෙර, ඉසුරු සොයා ආදී ටෙලි නාට්‍ය ගණනාවකත් තීර්ථ යාත්‍රා හා ඇසළ සඳ චිත්‍රපටයේත් චරිත නිරූපණය කර තිඛෙනවා.
 අනෙක් ටෙලි නිළිය අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇය සමග ගණිකා වෘත්තියේ නිරතවූ 20 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණියකද සමගිනි.
 බ්‍රෝකර් වරයෙකු මාර්ගයෙන් ඔවුන් ගැණුම් කරුවන්ට සම්බන්ධ කර තිබු බවත් රුපියල් 10000 ක මුදලකට ගණිකා වෘත්තියේ නිරතවූ බවත් වාර්තා වනවා.
ඇය මිලා, ගැහැණු ළමයි, නිර්මලී, හිරුට උඩින්, සරා ටෙලි නාට්‍ය වලත් මෑතක තිරගත වන ස්වීට් ඒන්ජල් චිත්‍රපටයේත් රගපා ඇති බව කියැවෙනවා.
අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට මොවුන් දෙදෙනාම ඉදිරිපත් කිරීමට නියමිතය.

තවත් විස්තර හා ඡායාරූප ඉදිරියට බලාපොරොත්තුවන්න