Wednesday, July 13, 2011

කොළඹට සුපිරි බස් සේවාවක්


කොළඹ නගරය ආශි‍්‍රතව සුඛෝපභෝගී බස් සේවාවක් අද (13) සිට ආරම්භ කෙරෙන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.


එහි ආරම්භක පියවර වශයෙන් කොළඹ සිට මොරටුව දක්වා මෙම සුඛෝපභෝගී බස් සේවාව අද ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනවා.


මෙම බස් සේවාව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මාර්ග 06 ක් සඳහා කි‍්‍රයාත්මකයි. කොළඹ නගරය තුළ අධික මාර්ග තදබදය අවම කිරීම සහ ජනතාවට යහපත් ප‍්‍රවාහන සේවයක් ලබාදීම මෙහි අරමුණ බව ප‍්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.
මෙහි එක් ගමන් වාරයක ගාස්තුව සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයකි.


කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉදිරිපිටදී නව සේවාව අරඹමින් වෙල්ගම ඇමතිවරයා බස් රථය පැදවූ හැටි වීඩියෝව පහත දැක්වේ.