Thursday, July 07, 2011

සාලිය ගියේ මම නිසා නෙමෙයි



ගැටුම වෙලා ටිකක් කල්-ඊට පස්සෙත් සාලිය එක්ක වැඩ කරා 

රන්ජන් - සාලිය ඩාන්ස් ස්ටාර් ඩාන්ස් ගැටුම පිළිබඳව ලක්බිම පුවත්පතට රන්ජන් රාමනායක අදහස් පලකර තිබෙනවා.


පහත දැක්වෙන්නේ එම ලිපියෙන් කොටසකි.

ස්වර්ණවාහිනී කියන ආයතනය මට ගොඩක් උදව් කරලා තියෙනවා.ඇත්තටම ඔවුන් කල වැඩසටහන් බොහොමයකදිම මාව ශිල්පියෙක් විදියට සම්බන්ධ කරගත්තා.


මේ වැඩසටහන කරන්න කලිනුත් ඔවුන්ගේ අදහස තිබුනේ මාව
නිවේදකයා හැටියට යොදාගන්න.නමුත් මට තිබුන කාර්යබහුලත්වයත් එක්ක මුල පටන් නිවේදක කටයුතු බාරගත්තේ නෑ.

පසුගිය දවසේ සාලිය තරඟයට සහභාගී නොවී සිටියා.ඔය කාලේ බුද්ධික කුලසේකර යෝජනා කරා මට නිවේදන කටයුතු කරන්න කියලා.ඔහුගේ ප්‍රබල ඉල්ලීම අහක දාන බැරි නිසා තමයි මේ වැඩසටහනට නිවේදකයෙක් විදියට එකතු උනේ.

පසුගිය දර්ශනවලට අනුව සාලිය තරඟයට නොඑන්නේ රන්ජන් සමග ඇතිකරගත් ගැටුමක් නිසාද? 



යම් විදියකින් නිවේදකයා සමග ගැටුමක් ඇතිකරගෙන රන්ජන් එම රාජකාරිය බාරගන්නේනම් එක සදාචාරාත්මකද? 


ඇත්තෙන්ම සාලිය එන්නේ නැත්තේ  සාලියට ඇති වූ නීතිමය ගැටළුවක් නිසා.ඔහුගේ පෞද්ගලික ජිවිතයේ ප්‍රශ්නයක් නිසා නිහිමය ගැටළුවක් ඇතිවී තිබෙනවා.

ඒ වෙනුවෙන් මමත් ඔහුට කීපවතාවක්ම උදව් කරලා තියෙනවා.මේ තරගයට නොඑන්න බලපාපු හේතුව ඔහුට ඇති උන නීතිමය ගැටලුවයි.

රන්ජන් හා සාලිය අතර ගැටුමක් ඇති උනානම් එයට හේතුව මොකක්ද? 


සාලියයි මායි අතර වාදයක් ගියා.පහුගිය කළෙම සාලිය මට අපහාස වෙන විදියට කතා කළා.

ශලනි තාරකාට එයාගේ රංගනය වෙනුවෙන් ලකුණු 10 ක් දුන්නාම සාලිය අනවශ්‍යය විදියට මට අපහාස කළා.


රියලිටි තරඟයකදී මම ලකුණු දෙන්නේ හේතුවක් ඇතුව.
ඒකට ඔහු අනවශ්‍යය විදියට ඇඟිලි ගහන එක වැරදි.ඔහු මේ විදියට මගේ තත්වය අවතක්සේරු කරන බව මගේ හිතවතුන් පවා මට කිව්වා.

රවින්ද්‍ර රන්දෙනිය,රෝයිද සිල්වා,සුමනා අමරසේන,ක්ලීටස් මෙන්ඩිස්, වගේ අය මට පැහැදිලිවම කිව්වා.ඔවුන්ගේ අදහස වුනේ සාලියගේ මෙම ක්‍රියාකලාපය වැලක්වීමට මම යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත
යුතුයි කියා.

ඔය වගේ ගැටුමක් ඇතිවෙන්න කලින් මම සාලියට දෙතුන්වතාවක්ම කිව්වා ඔය දේ කරන්න එපා කියලා.
අනුෂා දමයන්ති ඉස්සරහත් මම කියල තියෙනවා.ඕනනම් ඒ ගැන අනුෂාගෙන් අහන්න පුළුවන්.

මම කියනදේ ඔහු ඒ වෙලාවේ අහගෙන හිටියට තරගය පවත්වන වෙලාවේදී ඔහු ඒ දේවල් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට තිබුනේ නැහැ.ඒ නිසයි මට ඒ අවස්ථාවේ තරහ ගියේ.

සාලිය හා රන්ජන් අතර ඇතිවුන ගැටුම කොයි කාලේ උන එකක්ද?

ඔය දැන් විකාශය කරපු ගැටුම විකාශය කරලා දැන් ටික කලක් වෙනවා.ඉන් පස්සෙත් මාත් සාලියත් අතර හිතවත්කම් තිබුනා.


ඔය සිද්ධියෙන් පස්සෙත් මම ඔහුත් එක්ක වැඩසටහන් දෙකක් ඔහු එක්ක කළා.මේ කාලේ තමයි ඔහු තරඟය දාල යන්නේ.


ඔහු ගැන කිසිම තොරතුරක් හොයාගන්න පුළුවන්කමක් ස්වර්ණවාහිනියට
හැකි වී නැහැ.