Thursday, July 07, 2011

මුතූගේ පෙම්වතා රට හැර යයි



ජනපි‍්‍රය ටෙලි නිළියක් වන මුතූ තරංගාගේ පෙම්වතා වන නිශාන්ත අමුපිටිය විදෙස්ගතවීමට සුදානමින් සිටින බව වාර්තා වේ.
ඔහු රැකියාවක් සඳහා මෙසේ විදෙස්ගතවීමට නියමිත බව පැවසේ.

මුතූ
හා නිශාන්තගේ ආදාර සම්බන්ධය වසර 7ක් පමණ පැරණි එකක් බවත්, මොවුන් දෙදෙනා මේ වන විට විවාහ ගිවිසගෙන ඇති බවත් පැවසේ.

කෙසේවුවද
මුතූ හා නිශාන්ත ලබන වසරේදී සිය විවාහ මංගල උත්සවය ගැනීමට සැලැසුම්කර ඇතැයිවාර්තා වේ.

මුතූගේ
පෙම්වතාට ඇහැළියගොඩ ප‍්‍රදේශයේ කායවර්ධනාගාරයක් ඇති බවත්ල නිශාන්ත හා මුතූ පසුගිය කාලයේදී ඇහැළියගොඩල තොරණගොඩ ප‍්‍රදේශයේ එක්ව කාලය ගෙවූ බවත්ල මේ අතර වාර්තා වේ.

ස්වර්ණවාහිනී
නාලිකාවේ විකාශවූ සෙනේෂ් බණ්ඩාර දිසානායකගේි‘පුලින ප‍්‍රසාඳ’’ ටෙලි නාට්‍ය හරහා රංගනයට පිවිසි මුතූ තරංගා පූජනීයයි ආදරේ, ස්වරාංජලී හා සිදංගනා ටෙලි නාට්‍ය හරහා වඩාත් ජනපි‍්‍රයත්වයට පත් වූවාය.

වසුදා
ටෙලි නාට්‍යයේ 'නිලූපුලී’ ලෙස චරිත මවමින් ඇය පේ‍්‍රක්‍ෂකයන්ගේ හදවත් තුළ පසුගිය කාලයේදි ලැගුම් ගත්තාය.

ස්වර්ණවාහිනියේ
විකාශයවූ මෙගා ස්ටර්ස් ගායන තරු වැඩසටහන හරහා ඇයට ගීත ගායනය කිරීමටකුසලතාවයක් ඇතැයි ඔප්පුකර පෙන්වීමට සමත් වූවාය.

මූතූ
පසුගිය කාලයේදී ටෙලි නාට්‍ය වලට කෙටි විරාමයක් ලබාදීිසුභා’ හාිගාමිණී’ යන චිත‍්‍ර පටවලටරංගනයෙන් දායකවී ඇතග

‘සුභා’
චිත‍්‍රපටය ප‍්‍රවීණ ගුවන්විදුලි ශිල්පි ආරියදාස පීරිස් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන අතර, ඇය එහි ප‍්‍රධාන නිළිය ලෙසට රංගනයෙන් දායක වූවාය.

එහි
ප‍්‍රධාන නළුවාගේ චරිතයට නවක රංගන ශිල්පී මංජුල මොරගහ දායකවී තිබේ.

තව
නොබෝ දිනකින් සුභා චිත‍්‍රපටය තිරගතවීමට නියමිත බවද පැවසේ.