Friday, July 08, 2011

තුන වැඩිකිරීම තුන තුන වෙන්නේ කොහොමද? ජනපති අසයි


 මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගීවූ ජනපති මහින්ද රාජපක්ෂ මේ කාලයේ ප්‍රචාරය වන වෙළෙඳ දැන්වීමක් නිසා පාසල් සිසුන් නොමග යන බව පෙන්වා දුන් අතර එම දැන්වීම මේ වන විට රූපවාහිනියෙන් ප්‍රචාරය අත්හිටුවා ඇතැයිද වාර්තාවේ.

මෑතකදි මට දෙමව්පියො ඇවිල්ල කිව්ව...රූපවාහිනියෙ දැන්වීමක් තිබුණ...තුන වැඩිකිරීම තුන,  තුනයි කියලා... කවුද මේ කියන්නෙ රූපවාහිනියෙ ගුරුවරියක්...
අම්ම කිව්වම නෑ නෑ පුතේ තුන වැඩි කිරීම තුන, තුන නෙමෙයි කියල ඔවුන් කියනව නෑ අර ගුරුතුමිය රූපවාහිනියෙ කිව්වනෙ කියල.. ඔන්න බලන්න වගකීම...

මෙම ප්‍රකාශයෙන් අනතුරුව ලයිෆ්බෝයි ෂැම්පු ප්‍රචාරය කිරීම සඳහා රූපවාහිනී නාලිකාවන්හි ප්‍රචාරය කරන සති තුනකින් ප්‍රතිඵල දෙන තුන වැඩිකිරීම තුන වෙළෙඳ දැන්වීමේ ප්‍රචාරණ අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
ජනපතිවරයාගේ ප්‍රකාශයේ වීඩියෝව බලන්න