Friday, July 08, 2011

රටේ තැන් තැන් වල කියන් නැතිව ලයිට් කපන කතාවෙ ඇත්ත එළිවෙයි

මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල දවසේ පැය කිහිපයක් විදුලි බල බිඳ වැටීම් සිදුවන බව ජනතාවගෙන් වාර්තා වනවා. නමුත් විදුලි බල මණ්ඩලය විමසූ විට පවසන්නේ එසේ හිතා මතා විදුලි බිඳවැටීමක් සිදු නොකරන බවය.
කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට ජලාශවල ජල මට්ටම අවම වීම නිසා මේ වන විට තාප බලාගාරවල සහයෙන් විදුලි බල පද්ධතිය පණගන්වා තිඛෙන අතර මෙම බලාගාරවලද කාර්මික දෝෂ තිඛෙන බැවින් යථා පරිදි විදුලිය ලබාදීමට රජය අපොහොසත්වී සිටී.

ඇමති පිළිගනී -ඉරිදා වෙන කොට හරියයිලූ
මේ විදුලි බල ප්‍රශ්නය පිළිබඳ අද මාධ්‍ය ඇමතූ විදුලිබල ඇමති චම්පික රණවක මෙම විසන්දි කිරීම් සිදු කරන බව පිළිගත්තේය.ඔහු කියා සිටින්නේ, විදුලිබල විසන්දි කිරීම් සිදුකරන බව ඇත්තක් නමුත් ඒ සියල්ල පුවත්පත් මගින් පූර්ව දැනුම්දීමකින් සිදු කරන බවයි.එසේ නොවන කාර්මික දෝෂ මත අත්හිටුවීම්ද දවසකට 30 ට අධික ප්‍රමාණයක් සිදුවන බවත් ඒවාට හේතුව තාප බලාගාරවල නොවිසඳුන තාක්ෂණ ගැටලූ බවත්ය.
හැකි ඉක්මණින් මේ ගැටලූ විසඳීමට උත්සාහ කරන බවද ඉරිදා වන විට මේ ප්‍රශ්න ඉවර වනු ඇතැයිද ඔහු පැවසුවා.

1994 චන්ද්‍රිකා රජය ජනතාවට එපාකරවන්නට හේතුවක් වූයේද විදුලි බල බිඳවැටීම් ප්‍රශ්නයට විසඳුම් නොදී ස්වභාවධර්මයා විසඳනතුරු බලා සිටි නිසාය.

විදුලිබල ඇමතිවරයා මේ ගැන මාධ්‍යයට පැවසූ ප්‍රකාශයේ ස්වර්ණවාහිනී වීඩියෝව මෙසේය.