Friday, July 08, 2011

ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමය ලංකාවට

කොළ කෑලි වල ඡන්ද දැම්මේ ඉස්සරය.ලංකාවේ දැන් හැම දෙයම දියුණු වෙන කාලයයි..
ඡන්ද ප්‍රකාශ කිරීමත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර වලට පැවරීමට දැන් කාලය එළැඹ තිබේ.
නව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ කියා සිටියේ, ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙන් ඡන්ද දැමීම ළ`ගදීම මෙරටට හඳුන්වා දෙන බවය. මෙම ක්‍රමයේදී ඡන්ද පත්‍රිකා පිරවීමට අවශ්‍ය නැති අතර ඡන්ද පොළට ගොස් තමන් කැමති පක්ෂය හෝ පුද්ගලයා ඉදිරියේ බොත්තම එබීම කළ යුතුය.ඡන්ද ගණනය කිරීමද ඒ මොහොතේම ස්වයංක්‍රියව සිදු වෙයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදිරි මැතිවරණයකදී මෙම ක්‍රමය අත්හදා බලන බවත් මේ සඳහා ඉන්දියාවේ ක්‍රියාත්මක කරන පද්ධති ආනයනය කරන්නට අදහස් කරන බවත් ඔහු කීය.
සියලූම දේශපාලන පක්ෂ අමතා මේ නව ක්‍රමය ගැන අදහස් විමසා තිඛෙන බව වැඩිදුරටත් කී කොමසාරිස්වරයා ඔවුන් සියල්ලම මෙවැනි ක්‍රමයක් අනුමත කර ඇති බවද කියා සිටියේය.

කෙසේ වෙතත් මේ ඔස්සේ කොම්පියුටර් ජිල්මාට් ක්‍රම ඇතිවේද යන සැකය ගැන කොමසාරිස්වරයා කිසිවක් කියා නැත.