Friday, July 22, 2011

රත‍්‍රන් මිල ඉහළ යයි


 ලෝක ඉතිහාසයේ රත‍්‍රන් මිලෙහි වාර්තාවූ ඉහළම මිල (18)දා වාර්තා වී තිබේ.
  ලන්ඩනයේ රත‍්‍රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 1600 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

යුරෝපයේ හා ඇමරිකාවේ ඇතිවී තිබෙන ණය අර්බුද නිසා හටගත් අවිනිශ්චිතතාවය රත‍්‍රන් මිල ඉහළ යාමට බලපා ඇති ප‍්‍රබල හේතුවක් බව විශ්ලේෂකයන් පවසයි.
පසුගිය දින දහය තුළද ලෝක වෙළඳ පොළේ රත‍්‍රන් මිල ගණන් නොකඩවා ඉහළ ගිය අතර මෙහි මිල තවදුරටත් ඉහළ යා හැකි බව විශ්ලේෂක මතයයි.