Friday, July 22, 2011

පළමු නයිකි වෙළඳසැල කොළඹ දී


ක‍්‍රීඩා ඇඳුම් ආයිත්තම් සඳහා ලොව පුරා ප‍්‍රසිද්ධ ’’නයිකි” භාණ්ඩ සඳහා ශ‍්‍රී ලංකාවේ නිල බෙදාහරින්නා ලෙස කටයුතු කරන සොෆ්ට්ලොජික් සමාගම විසින් නයිකි වෙළඳසැලක් කොළඹ දී ආරම්භ කර ඇත.

නො. 1/1 බගතලේ පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටා ඇති මෙය, ශ‍්‍රී ලංකාවේ ආරම්භ කර ඇති ප‍්‍රථම නයිකි වෙළඳසැලයි.

නයිකි සමාගමේ අන්තර්ජාතික මට්ටමේ ගුණාත්මක තත්ත්වයන් අනුව නිර්මාණය කර ඇති මෙම වෙළඳසැල, විශාල රථගාලකින්, පහසුවෙන් තෝරාගත හැකි වන අයුරින් සකසා ඇති භාණ්ඩ වලින් හා පුහුණු කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

සිය පාරිභෝගිකයන් හට උසස්ම මට්ටමේ සේවාවක් ලබාදීමට මෙම වෙළෙඳසැල උත්සුක වන බව සොෆ්ට්ලොජික් සමාගම පවසයි.

මෙම වෙළඳසැල සියළුම දින වල පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 දක්වා විවෘත ව පවතියි.