Monday, July 25, 2011

ගාසා තීරයේ ළමුන්ගෙන් නව ලෝක වාර්තාවක්


අත් සලකුණු වලින් සමන්විත ලොවි විශාලතම චිත‍්‍රය නිර්මාණය කර නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට ගාසා තීරයේ දරුවන් පිරිසක් සමත් වේ.
මෙලෙස සකස් කළ චිත‍්‍රයේ විශාලත්වය වර්ග මීටර 5,620කි.
මේ සඳහා ආබාධිත දරුවන්් ඇතුළු ළමුන් 5,000කට වැඩි පිරිසක් මේ සඳහා සහභාගී වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම චිත‍්‍රය නිර්මාණය කර ඇත්තේ පසුගියදා නිමාවට පත් වූ ගාසා තීරයේ වාර්ෂිකව පැවැත්වෙන ’සමර් ගේම්ස්’ හි දීය.
පලස්තීන සරණාගතයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන ඒජන්සියක් විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම උළෙල මෙවර පැවත්වා ඇත්තේ පස්වන වරටයි.