Tuesday, July 26, 2011

මදුරු දගර මිනිසුන් ලෙඩුන් කරයි - නවතම සොයාගැනීමක්

විධිමත්ව මදුරු දගර භාවිත නොකිරීම නිසා විවිධ රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ, මදුරු දගර සඳහා යොදා ගන්නා ඇලට්‍රීන් නැමති රසායනිකය හේතුවෙන් දීර්ඝ කාලීන හි‍සේ කැක්කුම හුස්ම ගැනීමේ අපහසුතාව, ඇදුම හා අක්මාව ආශ්‍රීත රෝගාබාධ ඇති වන බවයි.
තවද ඇසේ කුණීතය ආබාධයට ලක් වීම මෙන්ම දීර්ඝ කාලීනව භාවිත කිරීමෙන් දරු සාපල්‍යතාව අඩු වන බව ද ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ දිනකට මේ වන විට මදුරු දගර කන්ටේනර 5ක් පමණ භාවිත කරයි. 
කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දිනකට රුපියල් කෝටි 5ක පමණ  මදුරු දගර භාවිත වන බව වාර්තා වී තිබේ.

බොහෝ විට දිනකට නිවසක මදුරු දගර දෙකක් හෝ ඊට වැඩි ගණනක් දැල්වේ.
විවෘත කරන ලද ජනේලයක් හෝ ක්‍රියාත්මක කරන ලද විදුලි පන්කාවක් අසල මදුරු දගර හා මැට් දැල්වීම මගින් ඇලට්‍රීන් දහනය වන වායුව මිනිස් සිරුරට වේගයෙන් ඇතුළු වන බව වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

අඩුම තරමින් නිදා ගැනීමට පැය භාගයකට පෙර නිවසේ සියලු දොර ජ‍නේල වසා මදුරු දගර දැල්විය යුතු  අතර පැය භාගයකට පසු මදුරු දගරය නිවා දොර ජනේල සියල්ල විනාඩි 05ක් හෝ 10ක් විවෘතව තැබිය යුතු බව පර්යේෂකයෝ පවසති.


එමෙන්ම විද්‍යාත්මක ක්‍රමවේද පිළිබද අවබෝධයක් නොමැති වීම නිසා බොහෝ දෙනෙකු විවිධ රෝගාබාධවලට ගොදුරු වන බව වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.



Source:Cnews