Tuesday, July 26, 2011

රුපියල් 10 නෝට්ටුවට ආයුබෝවන් කියයි

මින් ඉදිරියට රුපියල් 10 නෝට්ටුව මුද්‍රණය නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව වාර්තාවේ. රුපියල් 10 නෝට්ටුව වෙනුවට රුපියල් 10 කාසිය මින් ඉදිරියට වෙළඳ පොළට නිකුත් කරන බව මහා බැංකුව කියා සිටී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙන දුර්වර්ණ නොවූ හොද තත්වයේ පවතින රුපියල් 10 නෝට්ටු පමණක් නැවතත් මූල්‍ය වෙළඳපොලට නිකුත්කරන බව ද සදහන් වේ.

වෙළදපොළේ ඇති නෝට්ටු අතුරින් වැඩිපුරම දුර්වර්ණවී ඇති නෝට්ටුව රුපියල් 10 නෝට්ටුව බවද පැවසේ.