Friday, August 05, 2011

නිළියන් ගණිකා සේවයේ යොදවන සාවිත්‍රි මැඩම් පොලිසිය සොයයි

නවක ටෙලි නිළියන් ගණිකාවන් ලෙස සේවයේ යොදවන පුළුල් ජාවාරමක තොරතුරු පොලිසිය වෙත අනාවරණය වී තිඛෙනවා. මෙම ජාවාරම් කරුවන් මෙහෙයවන්නේ "සාවිත්‍රි මැඩම්" නමැත්තියයි. ඇය විශාල මිල ගණන් වලට ටෙලි නාට්‍ය නිළියන් සපයන බවට තොරතුරු ලැබී තිඛෙන අතර ජංගම සේවයේ යෙදෙමින් බත්තරමුල්ල, කිරුළපන හා කොළඹ නවාතැන් වෙත ගැණුම් කරුවන් කැඳවා යන බවට හෙළිදරව් කරගෙන තිඛෙනවා.
පසුගිය සතිවල ගණිකාවන් ලෙස සේවය කළ ටෙලිනාට්‍ය නිළියන් සිව් දෙනෙකු පොලිසිය අල්ලා ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ඒ අය ලබා දුන් තොරතුරු මත මෙම ක්‍රියාවේ නියැළෙන අනෙකුත් ටෙලි නිළියන් ගැන තොරතුරු ලබා ගෙන තිබුණ අතර 20 දෙනෙකුගේ නම් හෙළිව ඇතැයි පොලිසිය පවසා තිබුණා. එම ඉතිරි අය වැඩි පිරිසක් සාවිත්‍රි මැඩම්ගේ ගෝලයින් බවත් මෙම කසුකුසුව නිසා ඇය දැන් සැගව සිටින බවත් වාර්තා වනවා.
පොලිසිය ඇය අල්ලා ගැනීමට සිවිල් පොලිස් නිලධාරීන් යොදවා ඇතැයිද වාර්තා වනවා.