Wednesday, August 03, 2011

දිවයින පුරා සිමෙන්ති හිඟයක්


මේ වන විට දිවයින පුරා සිමෙන්ති හිඟවීම නිසා හාඩ්වෙයාර් කඩවලට යන දහස් ගණන් පාරිභෝගිකයින් හිස් අතින් නැවත පැමිණෙන තත්වයක් උද්ගතව ඇති අතර බොහෝ ඉදිකිරීම් කටයුතු මේ නිසා අඩාලව ඇතැයිද වාර්තාවෙනවා.
මෙම අර්බුදය මැද්දේ ඇතැම් වෙළෙඳ සල් සිමෙන්ති හංගා වැඩි මිලට විකිණීමත් අරඹා ඇති අතර මෙම සිමෙන්ති සීමිත ලෙස තිඛෙන සමහර වෙළෙඳ සල් වැලි ගල් ගඩොල් වැනි සියල්ල ඇණවුම් කරමින් පැමිණෙන පාර්භෝගිකයින්ට පමණක් සිමෙන්ති අලෙවි කරන බවත් වාර්තා වෙනවා.
පාරිභෝගික කටයුතු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ මෙම හිඟයට මූලික හේතුව ලංකාවට සිමෙන්ති තොග සපයමින් සිටි පාකිස්තානු සමාගමක් හදිසියේ වසා දැමීම බවයි. ඉක්මණින් තොග ඇනවුම් කර ඇති බවත් ඒ නිසා මේ තත්වය ඉදිරියට සමනය වන බවත් ඇමතිවරයා පවසනවා.