Wednesday, August 03, 2011

විදුලි සේවකයන්ට අද (03) ලෙඩක්


මාස 10 ක හිඟ මුදල් ලබා නොදීමට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද (03) දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නියැලෙන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සියළුම බලාගාර, ප‍්‍රධාන කාර්යාලය ඇතුළු අනෙකුත් කාර්යාල, වැඩබිම් සහ සියළුම ඩිපෝවල 15,000 කට අධික සේවක සේවිකාවන් පිරිසක් මෙම කි‍්‍රයාමාර්ගයට එක්වන බව එම සංගමයේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා සදහන් කර සිටියා. 

මේ හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් සිදු විය හැකි බවත් වාර්තා වනවා'
මෙම වර්ජනයට හේතුවී තිඛෙන්නේ රජය හි`ග වැටුප් නොගෙවීමේ ගැටලූවකි' නමුත් විදුලි බල අමාත්‍යංශය කියන්නේ මෙම හි`ග වැටුප් ගෙවිය යුතු දෙයක් නොවන බව එම ඉල්ලීම අසාධාරණ බවත්ය'
මෙම සේවක නිවාඩුව නිසා විදුලි බල සම්ප්‍රේෂණය අඩාල විය නොහැකි නමුත් හදිසි බිඳවැටීමකදී නඩත්තුව සිදු නොවනු ඇති'