Sunday, August 07, 2011

ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් කිරුල අනුෂාට

Dance Star Dance Grand Finale වීඩියෝව මෙතනින්  

ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර් ඩාන්ස් අවසන් මහා තරඟය ඊයේ දිනය්දී පැවැත්වූ අතර අවසන් තරඟය සඳහා චිලි තිලංක,අනුෂා දමයන්ති,මේනකා පිරිස්,හේමාල් රණසිංහ තරඟ කරනු ලැබුවා.

පසුගිය රියලිටි වැඩසටහන් වලදී එල්ල වූ චෝදනා නිසා මෙවර එස්.එම්.එස් කුටියක් වෙනමම ඉදි කර තිබු අතර තරඟකරුවෙකුගේ ඥාතියෙක් හට එම කුටියේ සිට එස්.එම්.එස් ලැබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.


අවසන් තරගයේ ජයග්‍රාහිකාව ලෙස අනුෂා දමයන්ති ඊයේ රාත්‍රියේ කිරුළ පැළඳියාය' දෙවන තැන හේමාල්ටත් තෙවැනි තැන මේනකා පීරිස්ටත් සිව්වන තැන චිලීටත් හිමි විය'

ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්ට සරත්
ෆොන්සේකාත් ගෑවෙයි

මර්වින් - අද අපි මරාගෙන මැරෙන කොටි නැතුව වෙඩි හඬ බෝම්බ නැතුව අද බොහොම නිදහසේ මේ ස්වර්ණමය රාත්‍රියට එන්න පුළුවන් වෙලා තියෙනවා.කව්රු මොනවා කිව්වත්, මම කොහොමත් රජයේ ඇමති වරයෙක්, අතිගරු ජනාධිපතිතුමාටත් ආරක්ෂක ලේකම් තුමාටත් එහි ගෞරවය හිමි විය යුතුයි.

රන්ජන් - ඒවගේම සරත් ෆොන්සේකා මහත්තයටත්....

මර්වින් - සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ වැරදි කර මිනිහෙක් එයාට ගෞරවයක් නැහැ

රන්ජන් - අතිගරු ජනාධිපතිතුමාත්,ආරක්ෂක ලේකම් තුමාත් ජෙනරාල් සරත්ෆොන්සේකා මහත්මයත් අප බේරාගත්තා ..ඔබ පිළිගන්නවද

මර්වින් -පිස්සු කෙලින්නෙපා මෙතන රන්ජන්

එම වීඩියෝව 


                                 SMS කාමරය
                                 බුද්ධික දුමින්ද


                                නෙහාරා මේනක සමග කලාකරුවන්


                              අනර්කලී


                                කාංචනා රයිනී  සමග කලාකරුවන්