Sunday, August 07, 2011

සෝභිතට එරෙහිව රුවන්වැල්ලේ උද්ඝෝෂණක්


රුවන්වැල්ලේ සෝභිත වෙද මැදුර යන නාමය බොහෝ දෙනෙකුට හුරුපුරුදු වන්නේ නිතරම පාහේ රුවන්වැල්ලේ වෙද මැදුර පිලිබඳ රුපවාහිනියේ  දැන්වීම් පලවන බැවිනි.

අංක එකේ පල්හොරෙක් වූ අංකොක්කාවල සුනිල් චීවරයක් පොරවාගෙන භික්ෂුවේශයෙන් සෝභිත වෙද හාමුදුරුවෝ නමින් පෙනී සිටින්නේ එය ඔහුගේ වංචා වලට මනා පිටුවහලක් වන බැවිනි.

රුවන්වැල්ලේ සෝභිත හිමිගේ සැබෑ තත්වය පිලිබඳ මෙයට පෙර කිහිපදෙනෙකු දන සිටියත් එය මුළු රටටම අනාවරණය වුයේ මෑතකදී විකාශය කල නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන හරහාය.

මේ අතර අපට දැනගන්නට ලැබුනේ අංකොක්කාවල සුනිල්ට අයත් "ලිහිනියාවත්ත" නම් අක්කර 40 ක වතු යායක් විකිනීමට දමා තිබෙන බවයි.
 

(06දා) සවස රුවන්වැල්ලේ  සෝභිත නම් භික්ෂු වේශධාරීයා වාසය කරනවා යයි කියන ස්ථානයේ ඔහුට විරුද්ධව ගිහිපැවිදි විශාල පිරිසකගේ උද්ඝෝෂණයක් පැවැත්වුණ බව වාර්තා වනවා. මේ අතර මේ වන විට සැගවි හෝ රට හැර ගොස් යයි ආරංචි වන රුවන්වැල්ලේ සෝභිතගේ නිවස කඩා ඇතුළට ගිය උද්ඝෝෂකයින්ට එහි තිබූ මත්පැන් ආදී භික්ෂුවක පරිහරණය නොකරන ආකාරයේ ද්‍රව්‍ය රැසක් සොයාගන්නට ලැබුණ බවත් වාර්තා වනවා. 
නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහන් කණ්ඩායම පසුගියදා මේ සඳහා කාන්තාවක් යොදවා සිදු කළ ගවේශනයක් සාර්ථක වුණා' ගුරුකමක් කරවාගන්නට ඕනෑ යයි කියමින් කතා කළ මේ කාන්තාවට සෝභිත කතා කළේ තමන්ගේ ලේකම් ලෙස තනතුරක් බාරගන්නට එන ලෙසයි' දුරකතන මාධ්‍යයෙන් ඇය සමග යළි යළි කතා බහ කළ සෝභිත

zඔයා
මහතයිද''''පපුව පෙනුමට තියනවද'''ෆන් එකක් ගන්න එන්න'''' ආදී ලෙස අසභ්‍ය යෝජනා ගෙන ආ අතර ඇය සියල්ල රෙකෝර්ඩ් කර ගෙන ගුවන් විදුලිය ඔස්සේ මෙම කතා ප්‍රචාරය කර හැරියා'
මෙම සිදුවීමෙන් පසු රුවන්වැල්ලේ ඒ සෝභිත හිමි යනු කවුරුන්ද යන්න ගැන රටේ ඇතිවූයේ ආන්දෝලනයක්'

සෝභිතගේ අසභ්‍ය හ`ඩ පටයෙන් කොටසක් මෙසේය

1'''''''''''''''''''''''''''''''''''''''
සෝභිත - දැන් ඉස්සර සමාජයේ නෙමෙයි දැන් ඔය ලොකු පවුල්වල ළමයි විස්කි බ්‍රැන්ඩි ගහල හොඳ ෆන් එකේ ඉන්නේ...මේ පරණ සමාජෙ නෙමෙයි..ඔයා විවාහ වෙලත් නැද්ද?
කාන්තාව - නෑ අපෙ හාමුදුරුවනේ ...අම්මල ඉතින් හොයනවා..
සෝභිත - ඔව්ව කුණුහරුප..බලන්න අද දික්කසාද පෝලිං...ඔයා මං ගාවට එන්න..ඔයා මහතයිද ටිකක්?
කාන්තාව - මහත නෑ අපෙ හාමුදුරුවනේ..
සෝභිත - ආන් ඒක තමයි වැඩේ... ටිකක් මහත වෙන්න එපැයි..කෙට්ටු වුණත් හරියන් නෑ
කාන්තාව - කෙට්ටුත් නෑ අපෙ හාමුදුරුවනේ මහතත් නෑ
සෝභිත - හා..සාමාන්‍යයෙන් පපුව එහෙම පොඩ්ඩක් පෙනුමට තියනවද?
කාන්තාව - එහෙයි
සෝභිත - මොකද කෙල්ලෙක් වුණොත් පපුව හොඳට පෙනුමට තියෙන්න ඕන...කෙට්ටු වුණත් පොඩ්ඩක් හදල ගන්න පුලූවන්..ඒක අවුලක් නෑ ඔයා එනවද හෙට විතර?
කාන්තාව - අපෙ හාමුදුරුවනේ මං අම්මගෙනුත් අහල ඔබ වහන්සේට කියන්නම්
සෝභිත - මේක එක පුරප්පාඩුවයි ගත්තට පස්සෙ බෑ
2.....................................................

සෝභිත - බිසීද කරදරයිද කතා කරන එක..
කාන්තාව - නෑ නෑ අපෙ හාමුදුරුවනේ
සෝභිත - නෑ මං නිකං ගත්තෙ මේ..ඔයාට ඕන රටකට යන්න එන්න පුළුවන්..රෙස්ට් කරන්න..ජීවිතේ කියන්නෙ විඳවන්න නෙමෙයි විඳින්නයි ඕන
කාන්තාව - එහෙයි
සෝභිත - ඉස්සර තමයි පරණ විදියට පොරොන්දම් බලල දැන් එහෙම නෙමෙයි මේ කාලෙ කරගන්න දෙයක් හොඳටම එන්ජෝයි වෙන්න ඕන..ඒකයි මං කිව්වෙ අපිට හොඳ ෆන් එකක් ගන්න පුළුවන් මගෙ හොඳ ලස්සණ ස්ටේට් එකක් තියනවා හොඳට එන්ජොයි කරල කාල බීල ජොලියෙ ඉන්න පුළුවන්
කාන්තාව - ෆන් එක කොහොමද අපෙ හාමුදුරුවනේ මට ඒක තේරෙන්නෙ නෑ
සෝභිත - ෆන් එක කියන්නෙ තනියෙන් කනව බොනව නෙමෙයි..ඒ කියන්නෙ ළමයි හදාගන්න නෙමෙයි.. දන්නවනේ සෙක්ස් පැත්තෙන් හොඳට සන්තෝෂ වෙලා..ඒක අර ආදරෙන් ඉඳල කාල බීල...දන්නවනෙ
කාන්තාව - එහෙයි
සෝභිත - අද දාහතරෙ පහළවෙ ඉස්කෝලෙ යන තරුණ කෙල්ලොත් හොඳ ෆන් එක ගන්නව ඉතින්...මේ කාලෙ කරගන්න දෙයක් වයසට ගිහිල්ල කරගෙන වැඩකුත් නෑ
කාන්තාව - එහෙයි
සෝභිත - ඉතින් මට වාහන තුන හතරක් තියනවා..මං පාවිච්චි කරන වාහනේ කෝටියයි ලක්ෂ 40 ක් වෙනව..ආඩම්බරේට කියනව නෙමෙයි. මං මේව යනකොට අරං යන් නෑ
කාන්තාව - එහෙයි
සෝභිත - ඉන්නකම් කාල බීල හොඳ තැන්පත් කෙල්ලෙක් හම්බවුණොත් අපිට ජොලියෙ ඉන්න පුළුවන්
කාන්තාව - එහෙයි
සෝභිත - මොකද මං විතරක් සතුටු වෙල බෑ ඔයත් සතුටු වෙන්න එපැයි
කාන්තාව - එහෙයි

 සම්පූර්ණ හඞ පටය මෙතනින් අසන්න



                                          පුවත්පත් වල පල කරන ලද දැන්වීමක්