Friday, August 19, 2011

වහා මැඬ විනාශයක්‌ වළකා ගනිති

 මාතර සිට වව්නියාව බලා ඊයේ (18 දා) උදේ 9.55 ට පිටත් වීමට තිබූ "රජරට රැජිනි"දුම්රියේ අවසාන මැදිරියක විදුලි කාන්දුවීමක්‌ හේතුවෙන් ඇතිවූ ගින්නක්‌ දුම්රිය ආරක්‌ෂක අංශ ඇතුළු දුම්රිය සේවකයන් එක්‌වී වහාම නිවා දැමීමට සමත් වීම නිසා සිදුවීමට ගිය විශාල විනාශයක්‌ වැළකී ඇත.

මෙම එක්‌ මැදිරියක එම අවස්‌ථාවේ මගීන්ද සිටි බව ආරක්‌ෂක අංශයේ නිලධාරීහු පැවසූහ. ගින්න නිවා දැමීම ප්‍රමාද වූයේ නම් අනෙකුත් මැදිරිවලටද ගින්න පැතිරී යැමට ඉඩ තිබිණි.



මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
Èjhsk mqj;am; weiqfrks