Friday, August 19, 2011

සිරස ටීවී දැන් PEO ටීවී තුලින්


සැටලයිට් මාර්ගයෙන් විකාශය කරන ඩයලොග් ටි.වී හා අයි.පී තාක්ෂනයන් විකාශනය කරන ටෙලිකොම් පියෝ ටි.වී වෙත මෙතක් කල් MBC මාධ්‍යය ජාලයේ කිසිදු රුපවාහිනි නාලිකාවක් විකාශය කිරීමට අවසර ලබාදුන්නේ නැහැ.

එම නිසා Dialog TV හා PEO TV හිමිකරුවන්ට සිරස, එම්ටීවී,ශක්ති නාලිකා නැරඹීමට විකල්ප ක්‍රියාමර්ග ගැනීමට සිදුව තිබුනා.

නමුත් අද (18) සිට ටෙලිකොම් පියෝ ටීවී තුලින් MBC මාධ්‍යය ජාලයේ රුපවාහිනී නාලිකා වන සිරස,එම්ටීවී,ශක්ති නාලිකා නැරඹීමේ පහසුකම ලබාදී තිබෙනවා.

ඒ අනුව පිලිවෙලින් චැනල් අංක 10,11,12 ඔස්සේ පියෝ ටීවී තුලින් සිරස,ශක්ති,එම්ටීවී නාලිකා TSTV (නැවත නැරඹීමේ)පහසුකම සමගින් නැරඹිය හැක.













Source:gossip9