Thursday, August 18, 2011

මාත් නෙහාරාත් සම්බන්ධ කටකතා බොරු


පසුගිය දිනවල ජනප්‍රිය නිළි නෙහාරා පීරිස්ගේ විවාහය දෙදරා යාමත් සමග පැතිරුණ ආරංචියක් වූයේ ඇය ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ සමග සම්බන්ධ නිසා මෙම ප්‍රශ්නය පැන නැගුණ බවයි.
නමුත් නෙහාරා  අවධාරණයෙන් කියා සිටියේ එවැන්නක් නැති බවත් ඔහු හොඳම යාළුවෙක් පමණක් බවත්ය.


මේ අතරතුර පසුගියදා ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර් ඩාන්ස් අවසන් මහ තරගය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති අවස්ථාවේ එහි ආරාධිත කලාකරුවන් අතර නෙහාරා සහ මේනක එකට පැමිණ අසුන්ගෙන සිටි අයුරු ඡායාරූප වල සටහන් විය.

නෙහාරාත් මේනකත් අතර සම්බන්ධයක් ඇතැයි කටකතා පැතිරුණ වකවානුවේම මේ දෙදෙනා මෙසේ ප්‍රසිද්ධියේ පෙනී සිටීම ඇතැමුන්ගේ සැකය තහවුරු කරවන්නක් විය.
බිරිය හා දියණියක සිටින මේනක මෙම අවස්ථාවට සැමියාගෙන් වෙන්වුණ නිළියක සමග පැමිණීම කතාබහට ලක්වූ අතර ඇතැමුන්ට කටකතා සඳහා එය හොඳ මාතෘකාවක් විය



අද ලක්බිම මාධ්‍ය කවුළුව අතිරේකයට අදහස් දක්වන්නට පැමිණි මේනක රාජපක්ෂ කියා සිටින්නේ මේ සියල්ල බොරු බවයි.
තමා මාස 8ක දියණියක සිටින පියෙකු බවත් හොඳ පවුල් ජීවිතයක් ගතකරන බවත් පවසන ඔහු මේ කටකතාව ගැන පිළිතුරු දී තිබුනේ මෙසේය
නෙහාරාත් මමත් නිල් අහස කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපානවා.ඒ නාට්‍යය විකාශය වන්නේ ස්වර්ණවාහිනියෙන්.ඔවුන් අපට ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් නරඹන්න එන්න කියල ආරාධනා කළා. අපි දෙන්නට වෙන් කරල තිබුනෙ එක ළඟ ආසන දෙකක් ඒ නිසා අපිට එක ළඟ ඉඳගෙන තරඟය බලන්න වුණා. ඊට වඩා දෙයක් ඔය සිද්ධියේ නැහැ.අපි දෙන්නා එදා වගේම අදත් හොඳ යාළුවො දෙන්නෙක් විතරයි.