Monday, September 05, 2011

තට්‌ටු දෙකේ බස්‌රථ 20 ක්‌


ශ්‍රී ලංකාවට තට්‌ටු දෙකේ බස්‌රථ ගෙන්වීමේ වැඩපිළිවෙළ අනුව මේ මාසය තුළදී තට්‌ටු දෙකේ බස්‌ රථයක්‌ ගෙන්වීමට පියවර ගත් බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ලදිවයිනල ට කියා සිටියේය.

මේ අනුව තට්‌ටු දෙකේ බස්‌රථ 20 ක්‌ ගෙන්වීමට ඉලක්‌ක කරගෙන සිටින බව සඳහන් කළ ඇමැතිවරයා පසුගිය කාලයේ ඉතාමත් ජනප්‍රිය බස්‌ මාර්ගයක්‌ බවට පත්වී තිබූ මාර්ග අංක 132 මාවරමණ්‌ඩිය - කරගම්පිටිය (දෙහිවල සතුන්වත්ත) තට්‌ටු දෙකේ බස්‌ රිය යළිත් ධාවනයට යෙදවීම පිළිබඳව අවධානය යොමුවී ඇති බවද පැවසීය.



නෝමන් පලිහවඩන
Source : Divaina