Sunday, September 04, 2011

දුර්ලභ කකුළු වර්ගයක් වසර 99 ට පසු හමුවෙයි


ඉතාමත් දුර්ලභ විශේෂයකට අයත් ක්ෂුද්‍රරූපී කකුළු විශේෂයක් වසර 99 ට පසු නැවත හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මෙම කකුළු විශේෂය අවසන්වරට හමුවී ඇත්තේ 1912 වසරේදීය. එංගලන්තයේ නිව්ක්වේ නගරයේ ධීවරයෙකු විසින් ධීවර කටයුතුවල යෙදී සිටියදී මෙම කකුළුවා ඔහුගේ දැලට හසුව ඇති අතර ඔහු විසින් මෙම කකුළුවා දේශීය මින් මැදුරක් වෙත බාර දී තිබේ. මෙම කකුළු විශේෂය ඉතාමත් දුර්ලභ බව සමුද්‍ර ජීවි විශේෂඥයින් විසින් අනාවරණය කරගෙන ඇත. 



පුවත් අනුග්‍රහය අදදෙරණ