Sunday, September 04, 2011

මම ආදරේ කරා එත් දැන් නැහැ

රෑට මං සිහිනෙන් ඇවිදින්
රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙන මං
ඔබ හට පුදන්නම් . . .

කාගෙද මේ ගීතය?

ජිත්මිගේ. ඒ කියන්නේ මගේ.

මේ සිංදුව මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි නේද?

එහෙම හිතනවා. ඒ ගීතයට මට ගායනයෙන් සහය වුණ රොමේෂ් සුගතපාලවත් මතක් කළ යුතුයි.

කවුද මේ ජිත්මි?

මං නුවර කෙල්ලෙක්. සිංදු කියන්න ආසයි.

මොකක්ද ජිත්මිගෙ සම්පූර්ණ නම?

ජිත්මි අබේරත්න

ගයන්න විතරද පුළුවන්?

නැහැ, නටන්නත් හැකියාවක් තියෙනවා.

ඉගෙන ගත්තේ?

නුවර ඉකෝල් ජාත්‍යන්තර පාසලෙන්.

උපන් දිනය කිව්වොත්?

1992 / 07 / 14

ලග්නය?

සිංහ.

මොකක්ද ජිත්මිගේ සුරතල් නාමය?

ජිත්.

ඔබ දඟකාරද?

අපොයි ඔව්.

කරපු හොඳම දඟකාරකම?

එකක් කියන්න බැහැ. දඟ වැඩම තමා කරන්නේ.

වෙලාවට වැඩ කරනවාද?

වෙලාවට වැඩ කරන්න ආසයි. ඒත් බැහැනේ.

ඇඳුමක් මිලදී ගනිද්දී මොනවද වැඩිපුර හිතන්නේ?

ඒක මට ගැලපෙනවද කියන එක.

ජීවිතයට වැඩිපුරම ළං වෙච්ච ගීතය?

රොමේෂ්ගෙ, දිගු දෑස දුටුවාම.

පැරැණි ගීත අහනවාද?

ඔව්.

ක්ෂේත්‍රයේ සිටි පැරැණි සංගීතඥයන් තිදෙනෙකු නම් කළොත්?

කේමදාස මාස්ටර්.

. . . . . . . . . . . . .

. . . . . . . . . . . . .

ඔබ ඉගෙන ගන්න දක්ෂද?

ඔව්.

අකැමැත්තෙන් ඉගෙන ගත් විෂය?

ගණිතය.

ඔබේ ජීවිතය වෙනස් කළ පුද්ගලයා?

මගේ අම්මා.

ඔබට හමු වූ ආදරණීයම පුද්ගලයා?

අම්මම තමයි.

ඔබව වඩාත් අගය කරන කෙනා?

ඒත් අම්මා.

යළි යළිත් අසන්නට ප්‍රිය කරන වදන?

ජිත්මි ආඩම්බර කෙනෙක් කියන එක.

ආදරවන්තයන් කී දෙනෙකු ඉඳලා තියෙනවාද?

එක්කෙනයි.

ඒ කියන්නේ ජිත්මි මේ වන විට ආදරවන්තියක්?

නැහැ. ඒ ආදරය බිඳුණා.

රොමේෂ් ගැන මොකද කියන්නේ?

හොඳ යාළුවෙක්.

විවාහ වෙන්නේ ක්ෂේත්‍රයේ අයකු එක්කද?

තවම ඒ ගැන තීරණය කරලා නැහැ.

ඔබේ හඬ අවලස්සනයි කියලා කවුරු හරි කිව්වොත්?

ඒක ඒ කෙනාට දැනෙන අන්දමනේ.

වැඩියෙන්ම හිත රිදුණ දවස?

මං ධනාත්මකව හිතන කෙනෙක්. ඒක නිසා දුක ගැන වැඩිපුර හිතන්නේ නැහැ.

මොනවද අලුත් නිර්මාණ?

ඉරාජ් සහ හේෂ් යන අයත් එක්ක නිර්මාණය කළ ගීත කිහිපයක් තියෙනවා. එත් එක්කම ‘සිහිනය ඔබයි’ නම් වූ මගේ අලුත් ගීතය දැන් මාධ්‍යයන්ට බාර දීලයි තියෙන්නේ.

පවුලේ තොරතුරු?

අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි.

ලිපිනය?

121/නුවර පාර,

කඩුගන්නාව.

ඔබ ගැන කෙටියෙන් පැවසුවොත්?

හරිම මිත්‍රශීලී කෙනෙක්.



සරසවිය පුවත්පත ඇසුරෙනි