Friday, September 30, 2011

තරුණියගේ ඡායාරූප පරිගණකයෙන් විකෘති කර තැපැල් කළ දෙදෙනා රිමාන්ඩ්


විවාහ අපේක්‍ෂාව බිඳ වැටීමෙන් කෝප වූ තරුණයකු විවාහ ගිවිස ගැනීමට සිටි තරුණියගේ සහ ඇගේ පවුලේ ඥතීන්ගේ පින්තූර පරිගණක ආධාරයෙන් විකෘති කර තරුණියට සහ ඥතීන්ට තැපැල් මගින් යෑවූ සිද්ධියක්‌ සම්බන්ධයෙන් එම තරුණයා හා ඔහුගේ මිතුරකු ලබන මස 05 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු ශ්‍රීනිත් විඡේසේකර මහතා ඊයේ (29 වැනිදා) නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මාවනැල්ල මහවත්ත රම්මානියා මාවතේ පදිංචි අවිවාහක තරුණයන් දෙදෙනෙකි. මොවුන් දෙදෙනා අසභ්‍ය ඡායාරූප තොගයක්‌ තැපැල් මගින් තරුණිය වෙත යවා දුරකථන සිම්කාඩ් පත් 14 ක්‌ උපයෝගී කර ගෙන මාස කිහිපයක්‌ තිස්‌සේ මරණ තර්ජන සිදුකර ඇතැයි පොලිසිය කියයි.

මාවනැල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පොලිස්‌ සැරයන් එච්. එම්. කේ. හේරත් මහතා සමග නීතිඥ අසෝක ජයවීර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.



Source : Divaina