Friday, September 02, 2011

කහ ඉරේ යන්නැත්නම් ලෙඩක් වෙයී





කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල පදිකයන් කහඉර භාවිත නොකර මාර්ගය හරහා මාරුවීම නිසා සිදුවන අනතුරු දිනෙන් දිනම ඉහළ යයි.   මෙම නිසා කහඉරි භාවිත නොකර පාර මාරුවන මගීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා පවසයි.
එමෙන්ම පදිකයන් පාර මාරු වීමට කහ ඉර භාවිත නොකිරීම නිසා කොළඹ නගරයේ වාහන තදබදයද ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිඛෙන බව ද පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.
මෙම නීතිය කඩකරන පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පොලිසිය කියා සිටියි.

මේ හේතුව නිසා මින් ඉදිරියට කොළඹ නගරයේ ප්‍රධාන පාරවල් හරහා මාරුවීම සඳහා කහ ඉරි යොදා ගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම නීතිය කඩ කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල යොදවා ඇති බව ද නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා කියා සිටියි.



හේමන්ත රන්දුණු
 දිවයින පුවත්පත ඇසුරෙනි