Friday, September 02, 2011

හැරගිය සැමියාට චරිත සහතිකයක්


"තමුසෙට පිස්සුද... අපේ මිනිහා මායි දරුවොයි දාලා පැනලා ගිහින්. මම අද ආවෙත් පොල් ගහලා යන්න. තමුසෙලා මේ වගේ බොරු කරන්න එපා."

මේ වේගවත් කතාව කාන්තාවකගේ මුවින් පිටවෙනවා ඇසුනේ මහනුවර නගරයේ නුවර වැව ආසන්නයේදීය. කාන්තාවක් අත බලා ශාස්ත්‍ර කියන තවත් කාන්තාවක් අල්ලාගෙන කෑ කෝ ගසන හ~ ඇසී අපි ද ඒ දෙසට ගියෙමු.

"මේ ගෑනු කෙනාට රුපියල් 50ක් දීලා මම සාත්තරයක් බැලූවා. මෙයා කිව්වා ඇත්ත කියන්නේ කියලා.

මෙයා මට වැල් වටාරම් ගොඩක් කියලා කියලා අන්තිමට කියනවා මට ලැබිලා ඉන්න සැමියා හරිම සීදේවියිලූ. මට පණ වගේ ආදරේලූ. දෙන්නා ගෙඟ් මූදේ දැම්මත් වෙන් කරන්න බෑලූ. දරුවන්ට දක්වන්නේ පුදුමාකාර ආදරයක්ලූ. තනිකර බොරු වැලක් කියන්නේ.˜

ඇය රැස්ව සිටි ජනතාවට කියාගෙන ගියාය. සාස්තර කියූ කාන්තාවගේ අත අල්ලාගෙන හ~ා වැටෙමින් ඇය මෙසේ ද කීවාය.

මම අද නුවර ආවෙත් දේවාලයකට පොල් ගහන්න. මගේ මිනිහා තුන් පාරක් මායි දරුවොයි දාලා ගියා වෙනත් ගෑනු එක්ක. දරුවොත් බඩගින්නේ. මේ වගේ බොරු කරලා මිනිස්සුන්ගේ සල්ලි ගන්න මුන්ට ගහලා පන්නන්න ඕනේ. දෙනවා මගේ රුපියල් පනහ දරුවන්ට පාන් රාත්තලක් අරගෙන යන්ඩ˜ ඇය වේගයෙන් කියාගෙන ගියාය.

සාස්තර කියන්නට ඉදිරිපත් වී සිටි කාන්තාව හීන් සැරේ ඉන් ඔබ්බට ගොස් වාහන නවතා ඇති ස්ථානයකට ගොස් තවත් අයකුට සාස්තරයක් කියනු දැක ගැනීමට හැකිවි‚.




දඹුල්ල කාංචන කුමාර ආරියදාස
දිවයින පුවත්පත ඇසුරෙනි