Thursday, September 01, 2011

විවාහයට නෑඹිලියක්ද ඇතිලියක්ද සොයන අපූරු කපුවෙක්

"ඔබට අවශ්‍ය ඇතිලියක් ද නෑඹිලියක් ද ඕනෑම මාදිලියක අවශ්‍යතාවක් සඳහා සේවාව අපෙන්"
එවැනි ආකාරයේ අමුතු භාෂාවකින් මගුල් තුලා පිළිබඳ කතා බහ කරන කපු මහතකු පස්දුන් කෝරළේ කෙළවරේ සිටී.
මේ ඔහු කියූ කතාවකි.

පත්තරේ අතට ගත්තු සැනින් ගේ දොර ඉඩකඩම් යාන වාහන සොයන මුවාවෙන් හීන් සීරුවේ මංගල යෝජනා තීරුව දෙස බලන බොහෝ දෙනා දෙස ද අලූත මුණ ගැසෙන කෙනකු නම් හීන් සීරුවේ වෙදගිල්ල දෙස ද ඉතා ඕනෑකමින් බැලීමට පුරුදු වී සිටි ඔහු තම සේවාව බලාපොරොත්තුවෙන් එන සියල්ලන්ට ද මිතුරන් මාර්ගයෙන් සිය ඉරණම්කාරිය සොයා ගැනීමට උත්සාහ දරන අයට ද සේවය විශිෂ්ට ලෙස ලබා දුන්නේය.
දිනක් වැඩිහිටි කාන්තාවක් ඔහු හමුවීමට පැමි‚යාය.

ආ නෝනා එන්න වාඩිවෙන්න මොකක්ද අපෙන් කෙරෙන්න ඕනෑ. ඔහු එසේ ඇසූ විට පැමි‚ කාන්තාව තමා ආ කාරණාව හෙළි කළාය.
හරි මට තේරෙනවා.... මට තේරෙනවා..... පුතාට ඕනෑ නෑඹිලියක්.... නමුත් නෝනාට ඒ නෑඹිලිය ඇතිළියක් වෙන්නත් ඕනෑ. එහෙම නේද....?

පැමි‚ කාන්තාව වට පිට බැලීය. තමා පැමි‚යේ මගුල් කපුවකු ළඟට ද නැතහොත් කුඹල් කරුවකු හෙවත් වළං හදන තැනකට දැයි ඇයට සැක සිතු‚.
එවර ඔහු කාන්තාව දෙස බලා මෙසේ කීවේය...... නෝනා කලබලවෙලා.... කලබල වෙන්න එපා. මං දන්න සිංහලෙන් කියන්නම්කෝ.

නෝනාගේ පුතා දැනට අවුරුදු හතළිහක් වුණාට එයා හොයන්නේ අවුරුදු විස්සක විසි පහක ගෑණු ළමයෙක්. ඒ කියන්නේ නෑම්බි.... ළියක්. එහෙම නේද? එතකොට නෝනට ඒ නෑම්බි....ළිය හෙවත් තරු‚ය ඇති හැකි තැනක ඇති..... ලියක් වෙන්නටත් ඕනෑ. එහෙම නේද කපු මහතා තමාගේ භාෂාව එසේ සුමට කළේය.

හරි හරි මගේ ළඟ ඔය ඕනෑ එකක් තියෙනවා. බලන්නකෝ මේ පින්තූර පොත පොඩි පොඩි පළුදු ඉරි තැලීම් තියෙන ඒවත් තියෙනවා. නමුත් නෝනට ඒවා හරියන්නේ නෑනේ. බලමු මේ හොඳ එකක් හොයලා දෙන්නම්. හැඩෙත් හොඳ වෙන්න එපෑයැ නේද? එසේ කපු මහතා කියාගෙන යද්දී.....
කාන්තාවගේ මුහුණ සිරියාව පිරී ඉතිරී ගියේය.





වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර 
දිවයින පුවත්පත ඇසුරෙනි