Wednesday, August 31, 2011

අල්ලස් ගන්න ඕනෑම කෙනකුට තරාතිරම නොබලා දඬුවම්

පළමු ශේණියට ළමුන් ඇතුළත් කිරිමේ දී අල්ලස් ලබා ගන්නා ඕනෑම නිලධාරියෙකුට එරෙහිව පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ පිළිබඳ ඕනෑම අවස්ථාවක තමාට පැමිණිලි කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

ටී.වී දෙරණ ඔස්සේ විකාශය වූ වාදපිටිය සංවාදාත්මක වැඩසටහනට සහභාගී වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පාසල් වලට දරුවන් ඇතුළත් කිරීමේ නීතීමය පසුබිම පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහි දී පැහැදිලි කළේය.




පුවත් අනුග්‍රහය අදදෙරණ