Wednesday, October 05, 2011

අසම්මත කථාවේ ඇත්ත..


උදයන්ති කුලතුංග… පහුගිය දවස්වලට සෑහෙන කතාබහට ලක්වුණු චරිතයක්. ඇයත් ප්‍රවීන ගායකයෙකුත් සම්බන්ධ කරලා කටකතා රටපුරා පැතිරුනා. ඒත් ඇත්ත මොකක්ද...? ඒ ගැන හරියටම දන්න දෙන්නයි ඉන්නේ.  ඒ උදයන්ති කුලතුංග සහ සනත් නන්දසිරි මහත්මයා. ඉතින් අපි මුලින්ම කතාකළා  උදයන්තිට.

ප‍්‍රශ්නය - උදයන්ති පහුගිය දවස්වල Web sites වල කතාවක් පැතිරුනා ඔබවත්, සනත් නන්දසිරි මහත්තයත් සම්බන්ධ කරලා. ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ.

උදයන්ති - මං හිතන්නේ ඒකෙ තිබුණේ මගේ නම නෙමෙයි. මගේ නම වෙනස් කරලා කුදයන්ති උලතුංග කියලා එකේ තිබුණේ. ඒ වගේම ඒ ප‍්‍රවීන ශිල්පියගෙත් නම වෙනස් කරලයි තිබුණේ. මගේ Fans ලා මට Call කරලා කිව්වම තමයි මම ගිහිල්ලා බැලූවේ. මේවා කරන්නේ මානසික ලෙඩ තියෙන අය. මගේ ජීවිතේට මම සනත් නන්දසිරි මහත්තයව ඇත්තට හරි ළගට හරි දැකලා නැහැ. මට හරිම දුකයි, මට කමක් නැහැ මං ගැන මේ වගේ දේවල් කිව්වට. මොකද තරුණ නිළියන්ට කොහොමත් කතා හැදෙනවනේ. ඒත් මේ වගේ ප‍්‍රවීණයෙක්ව සම්බන්ධ කරලා කතා හදපු එක ගැන හරි දුකයි. බුදු දහමට අනුව මේ වගේ වැඩ කරන මානසික පිස්සන්ට ස්වභාවිකව හරි පරිසන් දෙනවා. එතුමාගේ තරහ කාරයෙකුයි මගේ තරහකාරයෙකුයි එකතු වෙලා වෙන්නැති මේ වගේ දෙයක් කරන්න ඇත්තේ.

ප‍්‍රශ්නය - උදයන්ති ඔය දෙන්නා ක්ෂේත‍්‍ර දෙකක. ඒ වගේ ම වයසෙනුත් සෑහෙන්න පරතරයක් තියෙනවා. ඉතිං මේ වගේ කතාවක් ඔය දෙන්නට ම හැදුණේ කොහොමද ?

උදයන්ති - මං හිතන්නේ පෞද්ගලික තරහක් වෙන්නැති. අපි දෙන්නගෙම තරහකාරයෙක් වෙන්නැති. මේ වගේ කතා හදලා ප‍්‍රචාරය කලාම විශ්වාස කරන මිනිස්සු ප‍්‍රමාණය වැඩියි. ඇත්තටම ඔය කතා පතුරුවන මිනිස්සු හම්බවුනොත් ජීවිතේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම මම ඒ ගොල්ලන්ට දෙනවා.

ප‍්‍රශ්නය - ඔයා මේ සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග අරන් තියෙනවාද?

උදයන්ති - නීතියෙන් කි‍්‍රයාමාර්ග ගන්න බැලූවමLawyer ලා කියනවා නම වෙනස් කරලා දාල තියෙන නිසා නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න බෑ කියලා.  මොනව කරන්නද නීතියේ රැහැනට අහු කර ගන්නත් බෑනේ.

ප‍්‍රශ්නය - උදයන්ති ඔයා, සනත් නන්දසිරි මහත්මයාව පෞද්ගලිකව හඳුනනවාද ?

උදයන්ති - පෞද්ගලිකව මම ළගට දැකලත් නෑ. වචනයක්වත් කතා කරලත් නෑ. ඇත්තටම මම සත්‍යයි කියන්නේ දැකලත් නෑ. කතා කරලත් නෑ.

ප‍්‍රශ්නය - එතකොට ඔයා එතුමාගේ ගෝලයෙක් කියලා කියනවා නේද?

උදයන්ති - එතුමාගෙන් මං කවදාවත් සංගීතය ඉගෙන ගෙන නෑ. මම කැම්පස් එකේ කලේ නාට්‍ය හා රංග කලාව. මං දැකලවත් නෑ ඉගෙනගෙනවත් නෑ.

ප‍්‍රශ්නය - උදයන්ති, අපි නැවතත් අහනවා. ඇයි  මේ වගේ කතාවක් හැදෙන්නෙ ඇත්තේ ?

උදයන්ති - මං හිතන්නේ ඔය කතා හදපු කෙනා සර් එක්ක, සනත්  නන්දසිරි මහත්තයත් එක්ක තියෙන තරහට ම කතාවක් හදන්න බලන්න ඇති. මේ දවස්වල ඉන්න ජනපි‍්‍රය චරිතයක් බලලා මේ කතාවට එකතු කරන්න ඇති. කොහොම වුනත් ජනපි‍්‍රයත්වය නිසා තමයි මේ ඔක්කොම දේවල්. මොකද කවුරුහරි ඇcට්‍රෙස්ස් කෙනෙක්ට කතාවක් හදන්නනේ බලාගෙන ඉන්නේ. මට කියන්න තියෙන්නේ මේක පිස්සෙක්ගේ වැඩක්.

ප‍්‍රශ්නය - අවසාන වශයෙන් උදයන්ති ඔයාට මොනවාද කියන්න තියෙන්නේ ?

උදයන්ති - මගේ Fans ලාට කියන්න  ඕනේ මේ වගේ මෝඩ මිනිස්සු යවන ප‍්‍රචාර නිසා මං ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න එපා කියලා. මං හරිම අහිංසක කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මේ කතා නිසා ගෙදර සෑහෙන්න ප‍්‍රශ්න ඇති වුණා. මං මානසිකව සෑහෙන්න වැටුණා. මට දුකයි මං ගැන. ඒත් මට කියන්න තියෙන්නේ බුදු දහමට අනුව කවද හරි ඒ අයට පල දෙයි.

ඒ වගේ ම විශේෂයෙන්  හිරුට ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ ඇත්ත කියන්න අවස්ථාවක් ලබාදුන්න එක ගැන. මොකද අපිට ඇත්ත කියන්න Media නෑ. Media  වල ඔක්කොම යන්නේ බොරු කතා. ඒත් හිරු FM අපිට ඇත්ත කියන්න අවස්ථාව ලබාදුන්නා. හිරු FM එකට සුබ පතනවා.




අපි මේ සම්බන්ධයෙන් ආපසු කතා කළේ සනත් නන්දසිරි මහත්තයා සමග. සනත් නන්දසිරි මහත්මයා ඔබතුමාවත් යොවුන් නිලියක්වත් සම්බන්ධ කරලා කට කතාවක් වෙබ් සිටෙස් වල ප‍්‍රචාරය වුණා. මොකක්ද ඇත්ත මේ වගේ කතාවක් ඇති වෙන්න හේතුව.

සාමාන්‍යයෙන්  ඕප දූප පල කිරීමෙන් තමන්ගේ වෙබ් සිටෙස්  ජනපි‍්‍රය කර ගැනීමේ ක‍්‍රමයක් වර්තමානයේ පවතිනවා. ඉතිං ඒක හොද කාරණාවක් නෙමේ. මොකද ඒකෙන් ගුරුවරයෙකුට, ඔනෙම හොඳ මිනිහෙකුට මඩ ගහන්න පුළුවන්. සමහර අය විනෝදාංශයටත් මේව කරනවා. තව අය හිතාමතාම තරහටත් කරනවා. ඉතිං මේ වගේ දේවල් ඉක්මනින් ම රටින් තුරන් කරන්න ඔනේ. වගකිව යුත්තන් මේ  ගැන කටයුතු  කරන්න  ඕනේ කියලයි මං කියන්නේ.


එතකොට මේ වගේ දේවල් ඔබතුමා ගැනම හැදෙන්න තියෙන උවමනාව මොකක්ද?

මං කිව්වනේ මගෙන් ඔය ගැන අහන්න එපා කියලා. ඔයාට කියන එක තේරෙන් නෑනේ.

සමාවෙන්න සනත් නන්දසිරි මහත්මයා, අපි උත්සාහ කරන්නේ ඔබතුමාව අපහසුතාවට පත් කරන්න නෙමේ. මේ ගැන හරි තොරතුරක් ඔබෙන්ම දැන ගන්න.

ඔව් කියන්න.



එතකොට ඔබතුමා හිතන්නේ මේ වගේ කතාවක් හැදුනේ පෞද්ගලික පලි ගැනීමක් නිසා කියලද?

සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. නිකං ඉන්න බැරි කට්ටියකගේ වැඩක් වෙන්නත් පුළුවන්. ඔය කතාවට කියන්නේ පාරේ යන මිනිස්සුන්ට හූ කියන මිනිස්සුත් ඉන්නව කියලා. අන්න එහෙම තරුණ කැලකුත් මේ රටේ ඉන්නවා. මේ වගේ වැඩ කරන්නේ රස්තියාදු කාරයෝ තමයි.

එතකොට මේ ගැන ඔබතුමා නීතිමය පියවර අරගෙන තියෙනවාද?

හැමදේකටම නීතිමය පියවර අරගෙන තියෙනවා. ඒ හින්දා මේ ගැන වැඩිය කතා කරන්න හොද නෑ.

සනත් නන්දසිරි මහත්මයා මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබුණත්, උදයන්ති කුලතුංග මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබුණේ නෑ.

උදයන්ති සමග කළ මේ සජීවී සංවාදය මෙතනින් අහන්න.






Source :hirufm