Monday, October 03, 2011

ජර්මන් වැඩිහිටි දෙදෙනා හෙළ සිරිතට කුලගෙට

වැඩිහිටි දිනයේදී බෙන්තොට සංචාරක පුරය ආශ්‍රිතව ජර්මන් ජාතික වැඩිහිටි සංචාරක යුවළකගේ විවාහ මංගල්‍යය හෙළ සිරිතට අනුව සිදුවිය. වැඩිහිටි දිනය දා (01 දා) ජර්මන් ජාතික 56 හැවිරිදි පීටර් හා 53 හැවිරිදි මයිකා යුවළගේ විවාහ මංගල්‍යය බෙන්තොට රෝහණ ධර්මරත්න මහතාගේ නිවසේදී සිදුකෙරිණි. නව යුවළ විවාහ චාරිත්‍රවලින් පසුව තිරික්‌කලයක නැගී ප්‍රදේශයේ සංචාරය කළ අයුරුයි මේ.


 තිලක්‌ විඡේසුන්දර