Wednesday, November 09, 2011

දක්‍ෂිණ අධිවේගී මාර්ගය 27 දා ජනතා අයිතියට


















ලංකාවේ ප්‍රථම අධිවේගී මහා මාර්ගය වන දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය මෙම මස 27 දා පෙ.ව 11.00 ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිලවශයෙන් විවෘත කොට ජනතා අයිතියට පත් කිරීමට මූලික සැලසුම සියල්ල රජය මේ වන විටත් සකස්‌ කර අවසන් බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා  ඊයේ (08) පැවසීය.

වැඩි දුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා "කොට්‌ටාවේ සිට පින්නදූව දක්‌වා වු දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය විවෘත කිරීම පින්නදූවේදී සිදු වෙනවා. නමුත් ඒ සඳහා වූ නිල උත්සවය පැවැත් වෙන්නේ කරන්දෙණිය නගරයේදි. කරන්දෙණිය නගරයේ පැවැත්වෙන නිල උත්සවයෙන් පසු ජනාධිපතිතුමා දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඔස්‌සේ පැමිණ මතුගම මුණමල්වත්ත ප්‍රදේශයේ ඉදිකර තිබෙන දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ නිවාඩු නිකේතනය විවෘත කර කොට්‌ටාව දක්‌වා පැමිණිමට නියමිත යෑයි ද පැවසීය.




Source : Divaina