Wednesday, November 02, 2011

දුමින්දගේ ටිකට් කපා ඕස්ට්‍රෙලියාවට යවයි



ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමන් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඊයේ(1) රාත්‍රී 9 ට එම රෝහලින් නිදහස් කර ටිකට් කපා වැඩිදුර ප්‍රතිකාර සඳහා විදේශයකට ගෙනයාමට ඥාතීන්ට භාර දෙනු ලැබුවා.
මෙම අවස්ථාවේ ඔහුව රැගෙන යාමට වාහන විස්සක් පමණ පැමිණි බවත් ඇම්බියුලන්ස් රථ දෙකක්ද තිබුණ බවත් වාර්තාවෙනවා.
දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ඇමරිකාවට ගෙනයාමට මුලින් තිබුණ සැලසුම කිසියම් ගැටලූවක් නිසා වෙනස් කර ඇති බව අවසාන මොහොතේදී වාර්තා වුණ අතර ඔහුව ඊයේ රාත්‍රියේ ඕස්ටේ්‍රලියාවට පිටත් කළ බව මේ අතර වාර්තා වුණා.
දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ පවුලේ ඥාතීන් වැඩි පිරිසක් ඕස්ටේ්‍රලියාවේ වාසය කරන අතර දේශපාලනයට ඒමට කලකට ඉහත දුමින්ද සිල්වා ඔහුගේ ඕස්ටේ්‍රලියාවේ පිහිටි නිවසේ දිගු කලක් ගත කර තිඛෙන බවද වාර්තාවී තිඛෙනවා.
කෙසේ වෙතත් ඔහුව ඕස්ටේ්‍රලියාවේ කවර ප්‍රාන්තයක කවර රෝහලකට රැගෙන යනවාදැයි මාධ්‍ය වෙත තවම හෙළිදරව් කර නැත.
අධිකරණයේ විභාග වන භාරත ඝාතන නඩුවේ සාක්ෂි කරුවෙකු ලෙස දුමින්ද සිල්වාගෙන් පෙරේදා රහස් පොලිසිය කට උත්තරයක් ලබාගන්නට උත්සාහ කළත් ඔහු අසාධ්‍ය බැවින් එය ලබාගත නොහැකිවූයේ යයි ඊයේ අධිකරණයේදී පරීක්ෂණ නිලධාරී මහතෙකු ප්‍රකාශ කළ අතර දුමින්ද සිල්වා රට හැර යාම නිසා එම කට උත්තරය ලබාගැනීමේ අවස්ථාවද අහිමි වී යයි.






Source : Gossip Lanka News