Wednesday, November 30, 2011

සුනඛයින් නිසා දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරීම අනතුරුදායකයි


දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ සුනඛයන් බහුල වශයෙන් ගැවසීමෙන් එම මාර්ගය පරිහරණය කරන්නන්ගේ ජීවිතවලට දැඩි අනතුරුදායක තත්ත්වයක්‌ ඇතිවී තිබෙන බව රියෑදුරෝ පවසති.

කහතුඩුව හා පින්නදූව දක්‌වා කිලෝ මීටර් 95 ප්‍රමාණයේ සෑම කිලෝ මීටරයකම පාහේ මෙම සුනඛයන් රංචු පිටින් හා තනි තනිව ගැවසෙන බව පවසන රියෑදුරෝ කුඩා වාහනවල ගමන් ගන්නා අයට මෙය දැඩි අනතුරුදායක බව පවසති.



Source :- Divaina