Wednesday, November 02, 2011

සොනක්ෂි ලංකාවට පැමිනි දා




























පසුගියදා අපේ රටට බොලිවුඩ් තවත් සිනමා තාරකාවියක් ආවා. ඒ තමයි සොනක්ෂි සිංහ. අපේ හින්දි සිනමා ලෝලීන්ට තවමත් හුරු පුරුදු නැතුව ඇති.

එහෙත් ඇයගේ මුල්ම චිත්‍රපටය දාබන්ග් දැනට සති දෙකකට පෙර ස්වාධීන රූපවාහිනියේ විකාශය වූවා. ඇය දැනට ජනප්‍රියත්වයට පත් වෙමින් ඉන්න විසි හතර වියේ පසු වන රූමත් නිළියක්.

සුපිරි නළු සල්මන් ඛාන් සමඟ කුළුඳුලේ රඟපෑ ‘දාබන්ග්’ චිත්‍රපටය උදෙසා ෆිල්ම් ෆෙයාර් නැගී එන නිළිය ඇතුළු තවත් සම්මාන උත්සව රැසක සම්මාන ගණනාවකින් ඇය පිදුම් ලැබුවාය.

2011 වසරේ ඉන්දියාවේ පැවැති සම්මාන උළෙලයන් අතර
Star Screen සම්මානය,  Film Fare සම්මානය Iifa Star Debut සම්මානය, Star Dust සම්මාන මේ සඳහා ඇයට පිරිනමන ලදී.

හින්දි සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ සත්රුගන් සිංහගේ දියණිය වූ සොනාක්ෂිට වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක් සිටී. ඇය ලංකාවට පැමිණීමට විශේෂිත වූ කාරණාව නම් ඉන්දියාවේ ප්‍රසිද්ධ සඟරාවක් වූ 
L’OFFICIEL නැමැති සඟරාවට ඇගේ විවිධ ඉරියව්වලින් සපිරි ඡායාරූප ගොන්නක් ආවරණය කිරීමටයි.

ඒ සඳහා එම සඟරාවේ ප්‍රකාශකයෝ ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා දැකුම්කලු තැනක් වූ සීගිරිය තෝරා ගෙන තිබුණා. කෙසේ වෙතත් යුද්ධය හමාර වූ පසු අන්තර් ජාතික වශයෙන් මෙවැනි කලා ලෝකයේ කටයුතුවලට ශ්‍රී ලංකාව තෝරා ගැනීම අරඹයා අපේ සංචාරක ක්ෂේත්‍රයට මහඟු දායකත්වයක් වීම අපේ රට වැස්සන්ට ආඩම්බරයකි.

චන්න විජේවර්ධන එක්ක සොනක්ෂි රංගනයට ද එක් වූවාය.






































තිස්ස ධම්මික
ඡායාරූප – ටෙනිසන් එදිරිසිංහ

Source : Sarasaviya