Thursday, November 03, 2011

දුමින්ද ගෙන ගියේ ඕස්ට්‍රෙලියාවට නෙමෙයි සිංගප්පුරුවට

මංත්‍රී දුමින්ද සිල්වා ඔස්ට්‍රේලියාව බලා ගෙනගිය බවට මින් පෙර වාර්තා වුවද මේවනවිට රෝහල් ආරංචිමාර්ග උපුටා දක්වමින් අද දෙරණ පුවත් සේවය වාර්තා කරන්නේ මන්ත්‍රීවරයා සිංගප්පුරුව වෙත ගෙනගිය බවයි.

එහි වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට රෝහලකට ඇතුළත් කළ බවත් දුමින්දට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය මහේෂි විෙජ්රත්න සඳහන් කරන්නීය.
දුර ගුවන් ගමනක් යෙදුණොත් ඔහුගේ ප්‍රතිකාර සඳහා වන පමාව සෞඛ්‍ය තත්වයට අහිතකර ලෙස බලපෑ හැකි නිසා
සිංගප්පූරුව ප්‍රතිකාර කරන ස්ථානය හැටියට තෝරාගෙන ඇති බවද ඇය කියන්නීය. ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාවට යාමට හැකි අතරමැදි ස්ථානයක් වන සිංගප්පූරුවේ නතරවූ දුමින්ද සිල්වා ඉන් පසුව එතැනින් යන්නේ ඕස්ටේ්‍රලියාවටද ලංකාවටදැයි පැහැදිලි කර නැත.
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සිංගප්පූරුවේ පිහිටි ඉතා සුඛෝපභෝගී රෝහලක් වන මවුන්ට් එළිසඛෙත්හි  ඔහු දැන් නතර කර ඇත.