Thursday, November 03, 2011

කප්රුකේ එල්ලූ ලොතරැයියෙන් පන්සලට කෝටියක දිනුමක්

කඨින පූජෝත්සවයට සමගාමීව විහාරස්ථානයක සැකසූ ර්‍ණකප්රුක” ක එල්ලන ලද ලොතරැයි පතකින් රුපියල් කෝටියක මුදලක් විහාරස්ථානයට හිමිවීමේ පුවතක් පසුගියදා කුඹුක්ගැටේ ප්‍රදේශයේ විහාරස්ථානයකින් වාර්තා විය.

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.

වප් පොහොය දින සිට ඉල් පෝය දින දක්වා ශ්‍රී ලංකාවේ සෑම විහාරස්ථානයකම කඨින පින්කම් පැවැත්වේ. වස් වැසූ උපසම්පදා භික්ෂූන් වහන්සේලාගේ වස් පවාරණයට සමගාමීව එම කඨින පින්කම් පැවැත්වේ. කුඹුක්ගැටේ දුනුමඩලාදෙනිය ප්‍රදේශයේ දී ඉහත විහාරස්ථානයේ පසුගිය දිනක කඨින පින්කම් පවත්වන ලදී. මේ පින්කම පැවැත්වෙන පෙර දින රාත්‍රියේ විහාරස්ථානයේ ර්‍ණකප් රුක් පූජාවක්” මෙන් ම ධර්ම දේශනයක් ද සංවිධානය කර තිබිණි.

මේ ර්‍ණකප්රුක” ට ප්‍රදේශයේ සැදැහැති බෞද්ධයෝ බොහෝ දේ ගෙනත් එල්ලා තබා පිං ලබා ගනිති. විහාරස්ථානය අසල එක් උපාසක මහතෙකු රුපියල් 20 ක් වියදම් කර අසල ලොතරැයි කුටියෙන් ලබාගත් ලොතරැයි පතක් ද කප්රුකේ එල්ලා ප්‍රාර්ථනාවක් ද කළේය. මේ ලොතරැයි පතට මුල් දිනුම ඇදේවා. එම මුළු මුදලින් විහාරස්ථානයේ සංවර්ධනයට මුදල් ලැබේවා යන්න එම ප්‍රාර්ථනයයි. කප්රුක තිබූ සියලුම පිරිකර භාණ්ඩ මෙන්ම ලොතරැයි පත ද විහාරස්ථානය සතු විය. පසු දිනට පහන් විය. පන්සලෙන් ලද ආරංචිය සැමට සතුට ගෙන දෙන්නකි. පෙර දින කප්රුකට එල්ලන ලද ලොතරැයි පතට රුපියල් කෝටියක් හිමිවීම විහාරස්ථානයට ආදරය කළ සැමට මහත් සතුටකි.

කප්රුකේ එල්ලන ලද තම ලොතරැයි පතට ප්‍රාර්ථනාව පරිදි පළමු දිනුම ඇදී තිබීම ලොතරැයිය කප්රුකේ එල්ලන ලද උපාසක මහතාට නිම් හිම් නැති සතුටක් විය.





Source : Dinamina