Tuesday, November 29, 2011

කල්පිටිය මුහුදු වෙරළට තල්මස් පැටවකුගේ මල සිරුරක්



කල්පිටිය නාමල්අඩිය මුහුදු වෙරළට ඊයේ (28) දින අලුයම, අඩි 14 ක් පමණ දිගැති තල්මස් පැටවකුගේ සිරුර ගොඩගසා තිබිණි. ගෙල ප්‍රදේශය මන්දකින් ගැටගසා තිබුණු අතර, වරලක කැපුම් තුවාල ද දිස්විය. පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් දියඹ මුහුදේ සිට දියවැල්වලට හසුවී ගොඩබිමට පැමිණෙන්නට ඇතැයි ධීවරයෝ විශ්වාස කරති. සිය අත්දැකීම් අනුව මෙම තල්මසා කිලෝමීටර සියයක් පමණ ඈත දියඹේ ජීවත්වන නිල් තල්මසකු බවද ඔවුහු ප්‍රකාශ කරති.
ඡායාරූපය - කල්පිටිය සමූහ



Source : - Dinamina