Saturday, December 10, 2011

අද පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක්.

වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය මෙන්ම 2011 වසරේ දෙවැනි පූර්ණ චන්ද්‍රග‍්‍රහණය අද (10)  සන්ධ්‍යාවේ සිදුවනවා.  ඕස්ටේ‍්‍රලියාව, ආසියාව සහ උතුරු ඇමරිකාව යන ප‍්‍රදේශවලට මෙම චන්ද්‍ර ග‍්‍රහණය දිස්වන අතර ශ‍්‍රී ලංකාවට එය දැක ගත හැකි වන්නේ සඳ නැගෙන විටයි.  ඕස්ටේ‍්‍රලියාවට සම්පූර්ණයෙන් චන්ද්‍ර ග‍්‍රහණය දිස්වන අතර උතුරු ඇමරිකාවට එය දැක ගත හැකි වන්නේ සඳ බැස යන විටදීයි. පොළොවේ සෙවනැල්ල සඳ මතට වැටීමෙන් මෙම පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය වනවා. එහෙත් තවදුරටත් ලැබෙන හිරු රැස්වලින් චන්ද්‍රයා රතු පැහැවීම විශේෂ ලක්ෂණයක්. සඳ නැග එන විට පස්වරු 5.47ට චන්ද්‍ර ග‍්‍රහණය ආරම්භ වන නමුදු ශ‍්‍රී ලංකාවට එය දර්ශනය වන්නේ පස්වරු 6.10 සිටයි. එහි උච්චතම අවස්ථාව රාත‍්‍රී 8යි 1කට සිදුවන අතර මුළු චන්ද්‍ර ග‍්‍රහණයම රාත‍්‍රී 11.00 වන විට අවසන් වනු ඇති. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා උපදේශක ආචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ නැවත මෙවන් පුර්ණ චන්ද්‍රග‍්‍රහණයක් මෙරටට දිස් වන්නේ වසර 2014දී බවයි.