Wednesday, December 14, 2011

අයි ටී එන් එකට නාමල්ගෙන් කනේ පාරක්


අයි ටී එන් එක ජනාධිපතිතුමාගේ පවුලේ නාලිකාව බවට පත්ව ඇති බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ එය සත්‍යයක් බවත් එමගින් සිය පවුලේ සාමාජිකයන් අපහසුතාවයට පත්වන බවයි. 

එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ

"ගයන්ත මන්ත්‍රීතුමා කිව්වා රජයේ පවුලේ නාලිකාව කියලා..ඇත්තටම මම ඔබතුමාත් සමග එකඟ වෙනවා..අපි බලාපොරොත්තු වෙනවා..විශේෂයෙන්ම රජයේ මාධ්‍යය..

පසුගිය කාලයේ මමයි ජනාධිපතිතුමයි අපේ අම්මයි මල්ලිලා දෙන්නයි නිව්ස් බලනකොට පලවෙනි නිව්ස් එක ජනාධිපතිතුමා ගැන,දෙවෙනි නිව්ස් එක කතානායකතුමා ගැන..තුන්වෙනි එක බැසිල් ඇමතිතුමා ගැන..හතර ගෝඨාබය රාජපක්ෂ ඇමතිතුමා ගැන..ක්‍රීඩා පුවත්වල යනවා නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ රගර් ක්‍රීඩා කරා කියලා.

ගරු කතානායකතුමනි,අන්තිමට ඕකෙන් බැනුම් අහන්න වෙන්නේ අර පැත්තක ඉන්න මල්ලිලා දෙන්නයි අපේ අහිංසක අම්මයි..පවුල් වාදය නිසා..

මම ඉල්ලීමක් කරනවා ගරු සභාපතිතුමන්ලට ඒ ආයතනවලින්...මන් හිතන්නේ ජනාධිපතිතුමා දවසකට රැස්වීම් දහයකට පහළොවකට සහභාගී වනවා..කතානායකතුමා මේ සියලු දෙනාම...
රටේ සෑම ජනකොට්ඨාශයක් සමගම කටයුතු කරනවා..

ඉතින් අවශ්‍යය දේ පමණක් දාන්න..මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ක් ඉන්නවා..පළාත්සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්නවා..ඒ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න.චෝදනා ඉදීරිපත් කරන්න..මොකද එතකොට තමා රජයේ මාධ්‍යය ජනතාවට වඩා සමීප වෙන්නේ..ජනතාව ඒ මාධ්‍යය කියන දේවල් පිළිගන්න"

එහි වීඩියෝව පහතින් බලන්න