Monday, December 12, 2011

පාර්ලිමෙන්තු ක්‍රිකට් තරඟය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් අතර  (11) පවත්වන ලද කතානායක අභියෝග කුසලාන තරගාවලියේ ජයග්‍රහණය හිමිවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමටයි.

අමාත්‍ය කණ්ඩායම වෙනුවෙන් සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා නායකත්වය ලබා දෙන අතර එම කණ්ඩායමට අමාත්‍ය විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහණ දිසානායක, ඉන්දික බණ්ඩාරනායක, ,මහින්දානන්ද අලුත්ගමගේ,ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් එක්වී සිටියේය.

මන්තී‍්‍ර කණ්ඩායමට සනත් ජයසූරිය මන්තී‍්‍රවරයා නායකත්වය ලබා දෙන අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ, ජානක වක්කුඹුර, නෙරංජන් වික්‍රමසිංහ,රවී කරුණානායක , තිලංග සුමතිපාල,ගයන්ත කරුණාතිලක,අකිල විරාජ් කාරියවසම්,හර්ෂද සිල්වා ,දයාසිරි ජයසේකර, සාරනාත් බස්නායක සහ යන අය ඇතුළත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම කඩුලු 8 ට ලකුණු 176 ක් ලබාගැනීමට සමත්විය.එහිදී රවී කරුණානායක ලකුණු නොලබා දැවීගිය අතර ජානක වක්කුඹුර ලකුණු 10 ක්ද්  දයාසිරි ජයසේකර ලකුණු 14 ක්ද,නාමල් රාජපක්ෂ ලකුණු 8 ක්ද,තිලංග සුමතිපාල ලකුණු 16 ක්ද,ජයසූරිය ලකුණු 42 ක්ද,අකිල විරාජ් නොදැවී ලකුණු 28 ක්ද ලබාගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමාත්‍යවරුන්ගේ කණ්ඩායමට කඩුලු 7 ට ලබාගත හැකිවූයේ ලකුණු 105 ක් පමණි.ඒ අනුව වැඩි ලකුණු 71 න් තරගය ජයග්‍රහණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ කණ්ඩායමට හැකිවිය.

තරඟය අවසානයේදී ජනාධිපතිතුමා හා විපක්ෂනායකතුමා අතින් හොඳම පිතිකරු ලෙස අකිල විරාජ් ද,හොඳම පන්දු යවන්නා ලෙස හර්ෂ ද සිල්වාද,තරගයේ වීරයා ලෙස ඩලස් අලහප්පෙරුමද සම්මානයට පාත්‍රවිය.
 

එහි ජායාරුප  පහතින් බලන්න 



















Pictures courtesy by dailymirror.lk & asianmirror.lk