Wednesday, December 21, 2011

ශ්‍රී ලංකාවේ පළමු පාවෙන අවන්හල



Pontoon North 8 නමින් හැඳින්වෙන ප‍්‍රථම වතාවට ශ‍්‍රි ලංකාවේ ඉදිකෙරුණු පාවෙන අවන්හල  දිගින් අඩි හැත්තෑවක් හා පළල අඩි තිහක් වේ. මෙය වෙනුවෙන් ජෝන් කීල්ස් සමාගම වැයකළ මුදල රුපියල් මිලියන සියයක්.මෙම පාවෙන අවන්හලෙහි මහල් දෙකක් ඇතිඅතර පළමු මහල ආවරණයකොට වායුසමීකරණය කර තිබෙනවා.
මෙහි දෙවනමහළේ සිට බෙරේ වැව එපිට සුන්දරත්වය මෙන්ම රාත්‍රී අහස බැලිය හැකි සේ සකසා ඇත.
මෙම අවන්හල සම්පුර්ණයෙන් නිමවා ඇත්තේ ශ්‍රී ලාංකිකයන් විසිනුයි.

 සිනමන්ලේක් හෝටලයේ අනුග‍්‍රහයෙන් සංචරක කර්මාන්තයේ උන්නතිය උදෙසා හඳුන්වා දුන් මෙම අවන්හල 19 දා රාත‍්‍රීයේ බේරේ වැවේ දී ජනාධිපති ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය.