Friday, December 02, 2011

නිරෝෂා විවාහයට අකමැති ඇයි ?


තමාට විවාහය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති බව ජනපි‍්‍රය නිවේදිකාවක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වන නිරෝෂා පෙරේරා කියයි. ඇය මාධ්‍යට විවාහය පිළිබඳව පවසා තිබුණේ මෙවැනි අදහසකි. ‘විවහාය ප‍්‍රමාද වන තරමට මගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න, මගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න මට පුළුවනි.’ සතියන්ත පුවත්පතක් හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ද ඇය පවසා තිබුනේ මෙවැනි අදහසකි. ‘මගෙ ජීවන රටාවත් එක්ක විවාහය ගැන හිතන්න මට වෙලාවක් නෑ. මගෙ පවුලට මම ගොඩක් බැඳිල ඉන්න කෙනෙක්. මගේ පවුලෙන් මගෙ ජීවිතයට අවශ්‍ය ආදරය උපරිමයෙන් ලැබෙනවා. ඒ වගේම විවාහය කියන දේ සිදුවිය යුතුම දෙයක් කියල මම හිතන්නෙ නෑ,’ යැයි ඇය පවසා තිබුණි. ’නමුත් හෙට දිනයේ මේ තීරණය වෙනස් වෙයිද දන්නෙ නෑ. හැබැයි මම විවාහ වුණොත් අනෙක් හැම වැඩක්ම හරියට කරනව වගේම විවාහ ජීවිතයත් ඉතාම හොඳින් ගෙනියනව,’ යැයි ඇය වැඩිදුරටත් පවසා තිබුණි. ’එකමත් එක රටෙක’ චිත‍්‍රපටය හා සිරස රූපවාහිනියේ විකාශය වන ’ඉරෝෂයි නිරෝෂයි’ වැඩසටහන ඔස්සේ පේ‍්‍රක්‍ෂකයන්ගේ හදවත්වලට සමීප වූ ඇය,කුලූඳුල් ගීතය  වන ’ආදරය කරන්න’ ගීතය  ජනප‍්‍රිය ගායක ශිහාන් මිහිරංග සමග කරයි. මෙම ගීතය මෙම මාසයේ නිකුත් වීමට නියමිතය.