Monday, December 05, 2011

උදාරි ගෙන් අලුත් ආරංචියක්

මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය උදාරි දුටුවාම පුංචි වෙනසක් අප දැක්කා. සුමති ජනප්‍රිය නිළිය වූ පසු ඇය ගැන පසුගිය දිනවල පැතිරුණ ආරංචිය ඇය දැන් මව් පදවිය අභියස සිටින්නියක බවයි.දැන් තවත් අලූත් ආරංචියක් තිඛෙනවා. එනම් ඇය රට හැර යන්නට පවතින සූදානමයි. මෙවර සරසවිය පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටින්නේ  ඇගේ දරු ප්‍රසූතිය සිංගප්පූරුවේදී සිදු කරන්නට අපේක්ෂා කරන බැවින් දරු උපතට මාස කිහිපයක් තියා එරට පදිංචියට යන බවයි.

උදාරිගේ සැමියා වෛද්‍ය වෘත්තියෙහි නියැළෙන්නේද සිංගප්පූරුවේ රෝහලකය. ඇගේ දරු ගැබට දැන් මාස දෙකක් වන බව කියා සිටින ඇය ලංකාව හැර යාම තව මාස කිහිපයක් ඇතුළත සිදුවන බවත් පවසා තිඛෙනවා. එසේ යන ඇය නැවත එන්නේ දරුවාට මාස තුනක් ඉක්මවා බවද මෙම සාකච්ඡාවේදී ඇය කියා තිඛෙනවා.

ඒ අනුව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් කාලයක් යනතුරු උදාරිගේ මුහුණ ප්‍රේක්ෂකයින්ට දැකගන්නට නොලැඛෙනු ඇත.