Wednesday, January 11, 2012

සේනක විජේසිංහට ඇප

සටන් නළුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටින සේනක විජේසිංහ මහතා ඊයේ දින නුගේගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ගියාන් රණවක මහතා විසින් ලක්ෂ 15 ක ශරීර ඇප මත මුදාහැරුනේ රුපියල් දහතුන් ලක්ෂ හතලිස් දහසක මුදලක් වංචා කිරීම හේතුවෙනුයි.

ටෙලි නාට්‍යයක්‌ නිෂ්පාදනය කිරීම සඳහා සැකකරුට පැමිණිලිකරු විසින් රුපියල් දහතුන් ලක්‍ෂ හතළිස්‌දහසක්‌ ලබාදී ඇතැයි ද ඉන්පසුව මුහුරත් උළෙලක්‌ද පවත්වා ඇති අතර, එම නාට්‍යයේ දර්ශන කොටස්‌ කීපයක්‌ රූපගත කර ඇතැයි ද අධිකරණ "බී" වාර්තාවෙන් පැවසිණි.

මෙම ටෙලි නාට්‍යය රූපවාහිනියේ විකාශය කිරීමේ කාලයක්‌ ලබාගෙන ඇතිබව පැමිණිලිකරුට සැකකරු පවසා ඇත. එහෙත් එය අසත්‍යයක්‌ බව කළ සොයා බැලීමේදී පැමිණිලිකරුට දැනගන්නට ලැබී ඇතැයි ද පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

2010 වසරේ දහවැනි මාසයත් එකොළොස්‌වැනි මාසයත් අතර තුළදී සැකකරු ලබාදුන් ගිණුමකට පැමිණිලිකරු විසින් මුදල් බැර කර ඇතැයි පැවසිණි.

නඩුව වැඩිදුර කැඳවීම සඳහා ඊයේ දිනයේදී කල් තැබුණි.