Wednesday, January 25, 2012

හැකි ඉක්මනින් අපේ විවාහ උත්සවය ගන්නවා

“පුංචි තිරයේ දඟකාරිය” ලෙස ඇය හැඳින්වීම නිවැරැදිය. ඒ සහජයෙන්ම ඇය සතු දඟකාර බව, කෙළිලොල් බව නිසාය. ඇය චතුරිකා පීරිස්. චතුරිකා කලා පරපුරක එක් පුරුකකි. චතුරිකාගේ රංගනයන් කලක් පුංචි තිරයෙන් නිතර දැකගත හැකි වුවද මේ දිනවල ඇයගේ රංගනයන් ඇතුළත් නිර්මාණ දැකගත හැකි වන්නේ ඉතා අඩුවෙනි. චතුරිකා පීරිස් රංගන ක්‍ෂේත්‍රය තුළ ඇත්තෙන්ම තාරකාවකි; නිහතමානී තාරකාවකි. ඇයගේ බැබළීමට එම නිහතමානිත්වය ද හේතු වී ඇත. සති අන්ත පුවත් පතකට කල කත බහ පහත දැක්වේ. 

 ඔබ පුංචි කලෙ ඉඳලම දඟකාර චරිතයක් ද?

මම රඟ පෑ ඇතැම් ටෙලිනාට්‍යවල තිබුණු මගේ කෙළිලොල් බව, දඟකාරකම මගේ සැබෑ ජීවිතයේත් තිබුණා කිව්වොත් හරි. පාසල් යන කාලෙ මම බාහිර හැම වැඩකටම ඉදිරිපත් වුණු කෙනෙක්.

ඔබ රංගනයට එන්න කලින්..?

මම මුලින්ම සෙලින්කෝ ආයතනයේ රැකියාවක් කළා. කලකට පසුව මම Cඔම්පුටෙර් ඝ්‍රඵිcස් ඉගෙන ගන්න රැකියාවෙන් ඉවත් වුණා. ඉන්පසුවයි ටෙලිනාට්‍ය රංගනයට එක්වුණේ.

ඔබට හරියට කේන්ති යනව කියන්නෙ ඇත්තද?

නැහැ, නිකරුණේ කේන්ති ගන්න කෙනෙක් නෙමෙයි මම. හැබැයි ඉතින් වැරදි දෙයක් දැක්කොත් කේන්ති යනවා. ඒත් ඒක මට අදාළ දෙයක් නම් පමණයි. මම හරිම අකැමැතියි මිනිස්සු මාව අන්දන්න හදනවට. ඒකට මට හරියට කේන්ති යනවා.

ඔබ කේන්දර විශ්වාස කරනවද?

ඔව් තරමක් දුරට විශ්වාස කරනවා.

රොෂාන්ගෙයි ඔබගෙයි විවාහයට තව කලක් ගතවේවිද?

මෙහෙමයි. මේ දවස්වල අපි වැඩ කීපයක්ම පටන් අරගෙන තියෙන්නෙ. ඒ නිසා තරමක් කාර්යබහුලයි. ඒකයි අපේ විවාහ උත්සවය ප්‍රමාද වෙන්නේ. හැබැයි හැකි ඉක්මනින් අපේ විවාහ උත්සවය ගන්නවා.

ඇතැම් වෙබ් අඩවිවල නළු නිළියන් ගැන පළවෙන දේවල් ගැන ඔබ මොනවද හිතන්නෙ?

අනේ මම ඕව බලන්නෙ නෑ. ඕව ගැන හිතන්නෙත් නෑ. වෙබ් අඩවි පස්සෙ යනවට වැඩිය හොඳයි බණක් භාවනාවක් කරගෙන ඉන්න එක.

ඔබ ඇඟ හදාගන්න ‘ඩයට්’ කරන බව ඇත්තද?

මොන බොරුද? මම හොඳට කනවා. හොඳට එක්සයිස් කරනවා. ඉස්සර මම ඩයට් කළා. ඒ දවස්වල මගෙ කොණ්ඩෙ යන්න ගත්තා. ඒ නිසා ඩයට් කිරීම නැවැත්තුවා.

ඔබේ නංගි ‘පූර්ණිකා’ ඔබට අභියෝගයක් වේවිද?

අනේ නැහැ. නංගිගෙ රංගන ශෛලිය එකක්. මගෙ වෙනත් විදියක්. නංගිව රංගනයට ගෙනාවෙ මම; ඒ බොහොම අමාරුවෙන්. නංගි මට කවදාවත්ම අභියෝගයක් වෙන්නෙ නෑ. මම මගෙ නංගිටත් කවදාවත්ම අභියෝගයක් වෙන්නෙ නෑ.



Source : Silumina