Wednesday, January 25, 2012

නයනා දරුවන් හත්දෙනකුගේ මවක්


පුංචි තිරයේ අනේක විධි චරිත අතර සැරිසරන නිළියන් අතර නයනා කුමාරි ද පෙරමුණේ ඉන්නවා. නයනා මේ දවස්වල දරුවන් 7 දෙනකුගේ මවක බවට පත්වෙලා කියලා අපිට ආරංචි වුණා. ඇය ලැබු මේ සුවිශේෂි මව් පදවිය ගැන අහල බලන්න අපි හිතුවා.

“ඇත්තටම මම රඟපාන අලුත්ම ටෙලි නාට්‍යය ‘යශෝදරා’ ගැනයි ඔය කියන්නේ. එය අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දීය ජාතිකයෙක්. ‘යශෝදරා’ හි යශෝදරා කියන ප්‍රධාන චරිතය තමයි මම රඟපාන්නේ.

එය ළමයි 7 දෙනෙක් එක්ක ජීවත්වෙන මවකගේ චරිතයක්. පියා නොමැතිව දරුවන් ලොකු මහත් කරන්න මැදිවෙන, ඔවුන් ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයන අම්මා කෙනෙක් ඇය.

මෙය මගේ ජීවිතයේ මා ලැබු සුවිශේෂි රංගන අවස්ථාවක් ලෙසයි මම දකින්නේ. මගේ රසිකයන්ටත් එය අලුත්ම අත්දැකීමක් වේවි කියා මම හිතනවා.




Source: Silumina