Friday, January 27, 2012

මං විනීත නෑ නීති කඩනවා







තමා විනීත නැති බව දකින ඕනෑම කෙනෙකුට පෙනෙන බවත් එක්වරක් බීලා වාහනය එළවන්නට ගොස් කඩයක් පෙරළාගෙන ගිය බවත් ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා පසුගියදා පැවති උත්සවයකදී පවසා තිඛෙනවා.
ඔහු මේ අදහස් පළකළේ මෙසේය,

"මම කියන්නේ නෑ මම විනීත පුද්ගලයෙක් කියලා. තමුන්නන්සේලාට මාව දැක්කමත් පේනවා මගේ විනීත භාවයක් නෑ කියලා.

මම ආසයි හයියෙන් යන්න. මම හිතන්නේ අධිවේගී මාර්ගයේ හයියෙන්ම ගියේ මම ඉස්සරලම, මමත් බීලා එලවලා තියනවා. මම බීලා ගිහිල්ලා කඩයක් උඩට ගිහින් අනිත් පැත්ත හැරිලා වැටුනා. මම මේ ඇත්ත කියන්නේ". 


එම වීඩියෝව පහලින්