Tuesday, January 31, 2012

කවුද මේ මාතා?









ඇය යශෝධා රාධක්‍රිෂ්ණන්. සිංහල සිනමාවේ අලුත්ම කතානායිකාව ඇයයි. පසුගියදා තිරගත වීම ඇරඹුණු ‘මාතා’ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන යශෝධා කලා ක්ෂේත්‍රයට පැමිණියේ රූපවාහිනී නිවේදිකාවක් ලෙසය. රංගනයෙන් දායක වුණු පළමු චිත්‍රපටයෙන්ම කාගේත් අවධානය දිනාගැනීමට තවමත් විසිදෙවැනි වියෙහි පසුවන ඇයට හැකිවී ඇත.
සති අන්තයේ පුවත් පතක් ඇය සමග කල කතා බහෙන් කොටසක් පහත වේ 

යශෝධා පාර්වතී වුණු හැටි...?

උසස් පෙළ විභාගයෙන් පසුව මම ශක්ති ටීවී ආයතනයේ නිවේදිකාවක් ලෙස වැඩ කළා. පසුව වසන්තම් නාලිකාවට සම්බන්ධ වුණා. දවසක් මට යාළුවෙක් කිව්ව “චිත්‍රපටයකට දෙමළ තරුණියක් සොයනව, ඒකට ඔයා යන්න” කියල. යාලුවගෙ කීමට මම ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියා. ඒක කළේ ‘මාතා’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ මිල්ටන් කැම් මහතා.


මේ ඔබේ පළමුවැනි රංගනය. රූපගත කිරීම්වලට ගියාම ඔබට ඇතිවුණේ මොනවගේ හැඟීමක්ද?

මේක සාමාන්‍ය චිත්‍රපටයක් නෙමෙයි. යුද්ධය ඇසුරින් නිර්මාණය කළ එකක්. ඒ වගේම යුද්ධය අවසන් වෙලා ටික දවසකින් යුද්ධය තිබුණු ප්‍රදේශවලමයි මේ චිත්‍රපටය රූපගත කළේ.

ඒ නිසා මම හරිම බයෙන් තමයි දර්ශනතලයට ගියේ. ඒ වගේම බෝම්බ පිපිරෙන, වෙඩි තියන දර්ශනවලට මම මුලින් ගොඩක් බයවුණා.


ඔබේ පවුලේ තොරතුරු..?

අම්ම, තාත්ත, මල්ලි, අයිය තමයි මට ඉන්නෙ. මම විවාහකයි. ඔහු ඉජාස්.

ඔබ ඉක්මනින් විවාහ වුණේ ඇයි..?

අපි පෙම්වතුන් ලෙස කලක් ඇසුරු කළා. ඉතින් දෙමව්පියන්ගෙ කැමැත්තෙන් විවාහ වුණා.

කලා ක්‍ෂේත්‍රයේ ඔබට මොන වාගෙ බලාපොරොත්තු ද තියෙන්නෙ?

මම කැමැතියි රූපවාහිනී නිවේදිකාවක් ලෙසත් රංගන ශිල්පිනියක් ලෙසත් ඉදිරියට යන්න. ඒත් මේ ක්ෂේත්‍ර දෙකේම එකවර ඉන්න තියෙන අවස්ථාව අඩුයි. කෙසේ හෝ හොඳ චරිත රඟපාමින් දක්ෂ නිළියක් ලෙස ඉදිරියට යාමයි මගේ අරමුණ












Source : Silumina